ජනාධිපති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලට සහභාගි.

 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිංග් උප ජනාධිපති හමීඩ් අන්සාරි යන මහත්වරු සමඟ සමාප්ති උළෙල නැරඹූ අයුරු.

 

ඡායාරූප – ඒ. එෆ්. පී.




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ගුරුවරියක් රවටා මුදල් වංචා කළැයි

රන්ජන් රාමනායක අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (14) සවස රහස් පොලිසිය මඟින් කෝට්ටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් රවටා මුදල් ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලින් හෙළිව ඇත. ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ දහයක මුදලක් ලබාගෙන ඇති මන්ත්‍රීවරයා, මුදල් ආපසු ලබාදීම මඟහැර ඇය රවටා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

විස්තර »

ලෝක බෞද්ධ සම්මේලනය
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී

සියලු ආගම් ඒකරාශී කරගනිමින් 2600 වැනි බුද්ධ ජයන්තියට සමගාමීව ලෝක බෞද්ධ සම්මේලනය පළමුවරට ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන බව අගමැති දි.මු ජයරත්න මහතා පැවැසීය. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත් ආගමික නායකයන් සමඟ ආරම්භ කර ඇති බව හෙතෙම කීවේය. අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (14) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

විස්තර »

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය වසා දමයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාලයේ උප කුලපති සරත් අබේකෝන් මහතා තීරණය කැර තිබේ. උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාගේ කටයුතුවලට බාධා කළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් හතරදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සෙසු සිසුහු නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මේ තීරණය ගෙන ඇත.

විස්තර »

‘ග්‍රාම චාරිකා’ න්‍යාය පත්‍රයෙන්
සජිත්ගේ කතාව කපා දමන්න

රනිල් උපදෙස් දීලා

‘ග්‍රාම චාරිකා’ වැඩසටහනේ න්‍යාය පත්‍රයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ‘කතාව‘ කපා හැරින්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා එහි සංවිධායක මණ්ඩලයට උපදෙස් දුන් බව, එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ග්‍රාම චාරිකා වැඩසටහනේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවලට විශාල ජනතා කැමැත්තක් ලැබීමෙන් විපක්ෂ නායකවරයා එම තීරණය ගත් බව ද එම ආරංචි කියයි.

විස්තර »

ලෝක නායකයන් බිහි කිරීමට
ශ්‍රී ලංකාව දැන් සිටම සූදානම්

ලෝක නායක ආර්යා සමුළුවේදී
ශ්‍රී ලංකා ජනපති ආර්යාව කියයි

ශ්‍රීලංකාවේ ළමා පරපුර අනාගත ලෝක නායකයන් බිහි කිරීම සඳහා දැන් සිටම සූදානම් බව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පැවැති ලෝක නායක ආර්යාවන්ගේ සමුළුවේ තෙවැනි දින සමාරම්භක දේශනය පවත්වමින් ඊයේ (14) පැවසුවාය. දකුණු ආසියානු කලාපයේ සාක්ෂරතාව අතින් ඉහළ ළමා පරපුරක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් ලබා ඇති බවද ජනාධිපති ආර්යාව මෙහිදී කියා සිටියාය.

විස්තර »

පගාවට වැඩ කරන පොලීසි රැසක්

විමර්ශනයකින් හෙළි වේ

මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් හොර ජාවාරම්කරුවන්ගෙන් මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජනවලට රාජකාරී කරන පොලිස් ස්ථාන රාශියක් සොයා ගැනීමට හැකි වී තිබේ. පොලිස් මූලස්ථානය නිකුත් කරන උපදෙස් නොතකා එසේ අයථා රාජකාරීවල යෙදෙන අයට විරුද්ධව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් විසින් ඊයේ (14) දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට ගොස් කරන ලද පරීක්ෂණවලින් මේ කරුණු අනාවරණය කර ගෙන තිබේ.

විස්තර »

සරසවි සිසුහු දේශපාලන අතකොළුවක් නොවී
මවුපියන්ගේ බලාපොරොත්තු ඉටුකළ යුතුයි

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති

උගත් බුද්ධිමත් සරසවි සිසුන් දේශපාලන අතකොළු බවට පත් නොවී තම අහිංසක මවුපියන්ගේ බලාපොරොත්තු ඉටුකරන පිරිසක් ලෙස කටයුතු කළ යුතු යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසීය. අද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් බිඳ වැටී ඇති බැවින් සරසවි සිසුන් අතකොළු බවට පත්කරගෙන ඔවුන්ගේ අරමුණු කරා යාමට උත්සාහ කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය.

විස්තර »

 “මහින්ද චින්තන යනු පොරොන්දු මාලාවක් නොවේ. අපට අහිමිවුණ නිදහස යළිත් ලබාදීමේ මාර්ගයයි.”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 අප්‍රේල් 23 පාණදුරේදී



වෙළඳ දැන්වීම් . . . .

 
රංගනයට ලැදි අය යති ඒ මඟ
ක්‍රීඩාවට ලැදි අය යති ඒ මඟ
අලිය නොයන මඟ කුමක් ද ඒ මඟ
ඉනිමඟ නෙවෙයි ඒක තමා හරි මඟ