‘ග්‍රාම චාරිකා’ න්‍යාය පත්‍රයෙන් සජිත්ගේ කතාව කපා දමන්න

‘ග්‍රාම චාරිකා’ න්‍යාය පත්‍රයෙන් සජිත්ගේ කතාව කපා දමන්න

රනිල් උපදෙස් දීලා

‘ග්‍රාම චාරිකා’ වැඩසටහනේ න්‍යාය පත්‍රයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ‘කතාව‘ කපා හැරින්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා එහි සංවිධායක මණ්ඩලයට උපදෙස් දුන් බව, එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ග්‍රාම චාරිකා වැඩසටහනේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවලට විශාල ජනතා කැමැත්තක් ලැබීමෙන් විපක්ෂ නායකවරයා එම තීරණය ගත් බව ද එම ආරංචි කියයි.

න්‍යාය පත්‍රයෙන් සජිත්ගේ කතාව කපා නොහරින්නේ නම් ‘ග්‍රාම චාරිකා’ වැඩසටහන නතර කර දමන්නැයි ද වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව එම ආරංචි ප්‍රකාශ කරයි. ‘ග්‍රාම චාරිකා’ වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන බවත්, එම වැඩපිළිවෙළ එජාප ග්‍රාමීය ජනතාව ඉලක්ක කොට සකස් කොට ඇති බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා