ගම්පහ ගංවතුර පාලනයට ඉදිකළ අමුණේ වැඩ අවසන්

ගම්පහ ගංවතුර පාලනයට ඉදිකළ අමුණේ වැඩ අවසන්

වියදම රුපියල් දශලක්ෂ 44ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීමේ ස්ථිර සාර වැඩ පිළිවෙළ යටතේ හේකිත්ත වත්තල හැඳල කළු ඇළ හරහා ඇති අමුණේ පැරැණි ගේට්ටු දෙකට අමතරව දොරවල් 4කින් කැලණි ගඟට ජලය බැස යෑමට ඉදිකළ අමුණේ වැඩ අවසන්ව තිබේ.

කළුඇළ ඔස්සේ කැලණි ගඟට ජලය බස්නා අමුණේ ඉඳිකිරීම් වැඩ අවසන් අදියරට පැමිණ ඇති අයුරු.
ඡායාරූපය - ජාඇළ සමූහ

මෙය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ඉදිකෙරේ. පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතිවුණු ගංවතුර තර්ජනයෙන් මේ ප්‍රදේශවල රොක්වූ මහ ජල කඳ කැලණි ගඟට බැසයෑම අවහිරවී තිබුණි.

හේකිත්ත සුළු ගංවතුර ආරක්ෂක සැකිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් දශලක්ෂ 44ක් වැය කරමින් මේ අමුණ ඉදිකිරීමෙන් අක්කර 200ක ජීවත්වන පවුල් 500ක ජනතාවට ගංවතුර තර්ජනයෙත් වැළකී ඔවුන්ගේ දේපොළ ආරක්ෂකර ගැනීමට විශාල සහනයක් සැලසෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා