දොළදුක සංසිඳවා ගන්න ගිය ව්‍යාපාරිකයාට වැඩ වැරැදිලා

දොළදුක සංසිඳවා ගන්න ගිය ව්‍යාපාරිකයාට වැඩ වැරැදිලා

ව්‍යාපාර කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන් ජාතික කෝටිපතියකුට තම ජීවිත කාලය තුළ දී කිසිදා අමතක නොවන සිද්ධියකට මුහුණ පාන්නට සිදු වූ පුවතක් වාර්තා වේ.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේ ය.

මෙරට පැමිණ කොළඹ නගරයේ හෝටලයක නවාතැන් ගත් ඔහුට තමා ආ රාජකාරිය මොහොතකට අමතක විය. ඔහුට හදිසියේ ම දොළක් උපන්නේ ය. එය අන් කිසිවක් නොව, ශ්‍රී ලංකා කාන්තාවක් සමඟ විනෝද වීම ය.

හෝටලයට කැඳවා ගෙන පැමිණි කුලී රථ රියදුරාට ඔහු මේ බව දැන්වීය. වහා ක්‍රියාත්මක වූ ඔහු රියදුරා එතැනින් නික්ම ගොස් ටික වෙලාවකින් යළි හෝටලයට පැමිණියේ ය. ඒ හිස් අතින් නොව රූමත් තරුණ කාන්තාවක් සමඟ ය. ගාස්තුව වශයෙන් රියදුරාගේ පොකැට්ටුවට මුදල් නෝට්ටු කිහිපයක් වැටුණි.

එදින මුළු රැයම ඔහු එම කාන්තාව සමඟ හෝටල් කාමරයේ විනෝද විය. මේ අතරවාරයේ දෙදෙනාම මත් පැන් පානය කළහ. කාන්තාව අතේ තිබූ මත්පෙති ඔහුගේ වීදුරුවට වැටුණි. මොහොතකින් ඔහුට නින්ද ගියේ ය.

පසු දා අලුයම නින්දෙන් අවදි විය. රූමතිය පෙනෙන්නට නොවූවා ය. අත බැඳි ලක්ෂ පහක් වටිනා ඔරලෝසුව සමඟ ගමන් මල්ලේ වූ කැමරාව ඇතුළු ඩොලර් නෝට්ටු ද අතුරුදහන් වී තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා