මාර්ග නඩත්තු ඒකකයක් අරඹයි

මාර්ග නඩත්තු ඒකකයක් අරඹයි

පාණදුර ප්‍රාදේශීය සභාවේ කෙසෙල්වත්ත කලාපයේ මාර්ග නඩත්තු ඒකකයක් ආරම්භ කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දී ඇතැයි පාණදුර ප්‍රාදේශීය සභා සභාපති නීල් සුනේත්‍රලාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ මාර්ග නඩත්තු ඒකකය වත්කල්පොළ රබර්වත්ත ක්‍රීඩාංගණය අසල පර්චස් විස්සක ඉඩම් කොටසක ලබන වසරේ දී ආරම්භ කරන බව ද ඒ මහතා කීවේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා