සුරිනාමයේ රන් පතලක වැලි බිත්ති කඩා වැටී හත් දෙනෙක් ජීවිතක්ෂයට

සුරිනාමයේ රන් පතලක වැලි බිත්ති කඩා වැටී හත් දෙනෙක් ජීවිතක්ෂයට

සුරිනාමයේ රන් පතලක වාලුමය බිත්ති කඩා වැටීමෙන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

ඉකුත් සෙනසුරාදා ඇතිවූ මේ සිද්ධියේදී මඩ තට්ටු නායයාමෙන් මීටර් 20ක් උස බිත්ති කඩා වැටීමෙන් මේ අනවසර පතල්කරුවන් මියගොස් ඇති බව පොලීසිය කියා ඇත. පතල් බිත්ති කඩා වැටෙන විට තිදෙනකු පණ බේරාගෙන ඇති අතර ඉන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.

මනිහිල් ප්‍රදේශයේ පිහිටි මෙම පතල්බිම සර්ගෝල්ඩ් නම් සමාගමට අයත් අතර අනවසර පතල් කණින්නන්ට එහි කැණීම් සිදු නොකරන ලෙස හා ඉන් අනතුරට පත් විය හැකි බවට අනතුරු අඟවා තිබිණ. මෙම සිද්ධියට පෙර සිටම සර්ගෝල්ඩ් සමාගම ඔවුන්ගේ සියළු ගවේෂණයන් අත්හිටුවා ඇත්තේ එහි පවත්නා අනාරක්ෂිත තත්ත්වය නිසා ය.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු සුරිනාම ජනාධිපති දේශී බෝටර්ස් විසින් නොවැම්බර් 21 - 23 ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා