හයිටියේ කොළරා වසංගතයේ තවම අඩුවක් වී නෑ: මරණ දැන් 1250 යි

හයිටියේ කොළරා වසංගතයේ තවම අඩුවක් වී නෑ: මරණ දැන් 1250 යි

ජනපතිවරණය කල් දමන්න විවාද

හයිටියේ කොලරා වසංගතය පෙරේදා වනවිටද අඩුවක් වී නොතිබුණු අතර ඉන් මියගිය සංඛ්‍යාව 1250 දක්වා ඉහළ නැග තිබිණ. මේ තත්ත්වය යටතේ කොලරා වසංගතය මනා පාලනයකට යටත් කෙරෙන තුරු ඉදිරි ජනාධිපතිවරණය ප්‍රමාද කළ යුතුද යන්න දැන් විවාදයට භාජනය වී තිබේ.

කොලරා මර්දන සටන අඩාල කරමින් පසුගිය දිනවල පැනනැගුණු දරුණු අරගල මැද සහනාධාර කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රියාවලින් වේගවත් කර ඇති නමුදු එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගෝලීය ප්‍රජාවගේ සහාය මඳ බැවින් වැඩි වැඩියෙන් මූල්‍යාධාර හයිටියට අවශ්‍ය බවය.

මුලදී ගම්මාන 20ක පමණ කොලරාව පැතිර තිබුණත් දැන් එය ගම්මාන 50 - 100 දක්වා ව්‍යාප්තව ඇතැයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. පෝට් - අයු - පි‍්‍රන්ස් අගනගරයටද රෝගය ව්‍යාප්තව ඇති අතර දැනට එහි රෝගීන් 64 දෙනකු මියගොස් තිබේ. පස්විය නොපිරූ දරුවන් 20 දෙනකු ඊට ඇතුලත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා