කළුතර ප්‍රා.සභාවට නව ආදායම් මාර්ග

කළුතර ප්‍රා.සභාවට නව ආදායම් මාර්ග

කළුතර ප්‍රාදේශීය සභාවේ ආදායම් උත්පාදනය වර්ධනය කර ගැනීමට එම සභා බල ප්‍රදේශයේ පරිසර බලපත්‍ර ලබා නොගෙන පවත්වාගෙන යන ආයතන එම බලපත්‍ර ලබා ගැනීමට යොමුකිරීමටත් ඇතැම් ආයතන වල එකතු වන කුණු කසළ සහ අපද්‍රව්‍ය මුදල් අය කර ගැනීමේ පදනමක් මත එකතු කිරීමටත් ප්‍රාදේශීය සභාව බලාපොරොත්තු වේ.

පරිසර බලපත්‍ර ලබා නොගෙන පවත්වාගෙන යන ආයතන එකසිය තිස් තුනක් ප්‍රදේශයේ තිබෙන බවත් නිතර නිතර කැලි කසළ අපද්‍රව්‍ය එකතු වන ආයතන තිස් පහක්තිබෙන බවත් ප්‍රාදේශීය සභාව විසින් කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා