එල්ටීටීඊයට සම්බන්ධ බවට සැක කතක් අත්අඩංගුවට

එල්ටීටීඊයට සම්බන්ධ බවට සැක කතක් අත්අඩංගුවට

වවුනියාවේ සිට පැමිණි එල් ටී ටී සංවිධානයට සම්බන්ධව සිට ඇතැයි කියන මුස්ලිම් ජාතික කාන්තාවක් මීගහතැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව ලිහිණියාව ප්‍රදේශයේ බස් නැවතුම්පොළක සැකකටයුතු ලෙස සැරිසරද්දි අසල්වැසියන් පොලිසියට ලබාදුන් තොරතුරු අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සමඟ පැමිණි මුස්ලිම් ජාතික තරුණයා ඇයව බස් නැවතුම්පලේ නවතා අසල යාළුවෙකු හමු වී එන බව පවසා පැන ගොස් ඇත. පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් අනුව කොටි ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ ව සිටි බවට කරුණු අනාවරණය කර ගෙන ඇත. මීගහතැන්න පොලිස් ස්ථානාධිපති හිමාල රාජපක්‍ෂ හා අපරාධ අංශයේ ස්ථානාධිපති ගාමිණි රණවීර යන මහත්වරු පරීක්‍ෂණ මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා