ජනාධිපති අතින් දරු දැරියන්ට පාසල් උපකරණ බෙදා දීම.

කළුතර දිසාවේ පළමුවැනි ශ්‍රේණියේ සිසු දරු දැරියන්ට දිරි උදා පාසල් උපකරණ බෙදා දීම මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ සිදුකෙරුණු අවස්ථාව. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන මහත්වරු ද මෙහි වෙති.

 

ඡායාරූපය - සුදත් මලවීර




Send money to Sri Lanka - www.timesofmoney.com

 



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


වී මෙ.ටො. ලක්ෂ 8ක් පෞද්ගලික අංශය භාරයේ

සැඟවූ වී තොග සොයා රහස් පොලිස් මෙහෙයුම්

පෞද්ගලික අංශය සඟවාගෙන සිටින වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 8ක් සොයා රහස් පොලිසිය අද (11) සිට මෙහෙයුම් ආරම්භ කරයි. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවසරය ද ලබාගෙන එම මෙහෙයුම් සිදු කෙරෙන බවයි.පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම්වලට අමතරව රහස් පොලිසිය මේ වැටලීම් සිදුකරයි. පසුගිය කාලයේ රජය සතුව තබාගත් වී සංචිතයට අමතරව පෞද්ගලික අංශය සතුව වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 8ක් තිබේ.

විස්තර »

ස්වාභාවික උවදුරුවලින් ලක්ෂ 11ක් අවතැන්

හානි වූ ප්‍රදේශ ගොඩනැඟීමට
රුපියල් කෝටි 3300ක් ඕනෑ

ජනපති මතුගම දී කියයි

ස්වාභාවික උවදුරු නිසා ලක්‍ෂ 11ක පමණ ජනතාවක් අවතැන්ව සිටිති. ඒ ප්‍රදේශ නැවත ගොඩනැඟීමට රුපියල් කෝටි 3300ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. උවදුරු සිදුවූ ප්‍රදේශවල ජනතාව දායක කරගෙන නැවත ගොඩනැගීමේ කටයුතු වහාම ආරම්භ කරන බවද ඒ මහතා පවසයි. සමහරුන් කියන විදියට වැස්සත් පාලකයා වැරදියි. පෑව්වත් පාලකයා වැරදියි. සමහරු කියනවා පාලකයා හොඳ නම් වහින්නේ නෑ කියලා.

 

විස්තර »

දැයට කිරුළ ප්‍රදර්ශනයේ අවසාන දිනය
සනිටුහන් කරමින්.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ අද අවසාන දිනය සනිටුහන් කරමින් අගමැති දි. මු. ජයරත්න මහතා සහභාගි වූ අයුරු.

 

ඡායාරූපය - සුලෝචන ගමගේ

ඇමැතිවරු ඇවිත් නැත්නම් නියෝජ්‍ය ඇමැතිවරු
ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ඇමැතිවරුන් නැතිනම් නියෝජ්‍ය ඇමැතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස උපදෙස් දෙන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) දැනුම් දුන්නේ ය.කථානායකවරයා එසේ දැනුම් දුන්නේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එම ඇමැතිවරුන් සභාවේ නැති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙනු ලැබීම නිසා ය.

විස්තර »

එජාපය බලයට ආ හැමවිටම
රාජ්‍ය අංශය දුර්වල කළා

ඇමැති එස්. බී.

එජාප රජයන් බලයේ සිටි සෑම අවස්ථාවකම කළේ පෞද්ගලික අංශය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා රාජ්‍ය අංශය දුර්වල කිරීම බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා වසර 2001 ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු හඳුන්වා දුන් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වසර පහක් තුළ මෙරට රාජ්‍ය සේවය ලක්ෂ 9 සිට ලක්ෂ 4 දක්වා අඩුකිරීමට සැලැසුම් කළ බවද ඒ මහතා කීය. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ උඩුනුවර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ හමුවක දී දිසානායක මහතා මෙසේ පැවසීය.

විස්තර »

සුදුකබැල්ලෑවා.

මහ වැසි නිසා ඇති වූ ගංවතුරින් වනාන්තරවල ජීවත් වූ සත්තු බලවත් සේ විපතට පත් වූහ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ මෙම සුදුකබැල්ලෑවා අතරමංව සිටියදී වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලදි. ශ්‍රී ලංකාවටම ආවේණික වූ මේ සත්ත්වයා පසුව පුරා විද්‍යා ආරක්ෂිත භූමියට නිදහස් කරනු ලැබීය.

 

ඡායාරූපය
පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

දැයට කිරුළ නැරැඹීමට ලක්ෂ 25ක ජනකායක්

‘දැයට කිරුළ’ 2011 ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරැඹීමට ලක්ෂ විසිපහකට අධික පිරිසක් ඊයේ දහවල් වනවිට පැමිණි බව දැයට කිරුළ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැයට කිරුළ ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ප්‍රධාන මාර්ග සියල්ල රථ වාහන වලින් හා ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.  පෙබරවාරි 04 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කරනු ලැබූ මේ ප්‍රදර්ශනය, අගමැති දි.මු.ජයරත්න, කථානායක චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති අති උත්කර්ශවත් සමාප්ති උත්සවයෙන් නිමාවට පත් විය.

විස්තර »

 ‘ගම දියුණු කිරීම යනු ගම තවත් නගරයක් කිරීම නොවේ.’

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 අගෝස්තු 21 වැනි දින කොළඹදී ය.



වෙළඳ දැන්වීම් . . . .

 
 
 
මහින්ද බලයට ගෙනාවෙ ප්‍රභාකරන්
කියන සජිත් මැතිඳුනි හරි හිතට අරන්
ඔවැනි කතා කියන විට දි හතර වරන්
කොටින්ට අවි දුන් අයවත් මතක් කරන්