උතුරු මැද පළාතේ ජල ගැල්මෙන් අපවිත්‍ර වූ ජලය පිරිසුදු කිරීමට බෙහෙත් පෙති ලක්ෂ 5ක්

උතුරු මැද පළාතේ ජල ගැල්මෙන් අපවිත්‍ර වූ

ජලය පිරිසුදු කිරීමට බෙහෙත් පෙති ලක්ෂ 5ක්

ගංවතුරින් සහ ජල ගැල්මෙන් අපවිත්‍ර වූ උතුරු මැද පානීය ජල පද්ධතිය පිරිසුදු කිරීම පිණිස පී. වයි. ඒ. එම්. නමැති බෙහෙත් පෙති ලක්ෂ 5ක් යුනිසෙෆ් සංවිධානය මගින් ලබා දුන් බව උතුරු මැද පළාතේ ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්. එල්. ඒ. පීරිස් මහතා සඳහන් කරයි.අනුරාධපුර දිස්ත්‍රික්කයට ලක්ෂ 3ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලක්ෂ 2ක් බැගින් මෙම බෙහෙත් පෙති බෙදා හැරීමට කටයුතු යොදා ඇත. මෙම බෙහෙත් පෙති ඉදිරි දින කීපයේදී ළිං සහ පානීය ජල පද්ධතියට මුසු කිරීමට නියමිතය.

මේ අතර උතුරු මැද පළාතේ පැවති ගංවතුර සහ ජල ගැල්ම හේතුවෙන් පානීය ජල සම්පාදන පද්ධතියට රුපියල් දස ලක්ෂ එකසිය දහඅටක් හානියක් සිදුවී ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්. එල්. ඒ. පීරිස් මහතා සඳහන් කළේය. ජල නළ පද්ධති, නළ ළිං, පොදු සහ පෞද්ගලික ළිං පළාතේ ප්‍රදේශ රැසක ජලය අපවිත්‍ර වීම් බට කැඩීයාම් සිදුවී අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් දස ලක්ෂ හැත්තෑ හතරක් පමණද පොළොන්නරු දිස්ත්‍රික්කයට රුපියල් දස ලක්ෂ හතළිස් හතරක් පමණද අලාභයක් සිදු විය.

ජල මුලාශ්‍ර ජලයෙන් යට විය. පළාත් සභාව ආරක්ෂක අංශ හා ප්‍රජා මූල සංවිධාන වල සහාය ඇතිව ඒවා කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන ජනතාවට පානීය ජලය ලබාදීමට කටයුතු කළ බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. අවතැන් ජනතාවට පරිභෝජනයට අවශ්‍ය ජලය බවුසර ටැංකි සඳහා නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවගේ ජල පරිභෝජන සඳහා ජල ටැංකි, නල පද්ධති අවශ්‍ය ප්‍රමාණයට ලබාදී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරු සෞඛ්‍ය අංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේ සහාය ඇතිව පළාතේ ජනතාවට පිරිසුදු ජල සැපයුමක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා