මරණ දැන්වීම්




ආරියවංශ ත්‍රිමාවිතාන -
ඇල්පිටිය 11 කණුව පදිංචිව සිටි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු විශ්‍රාමලත් ගණකාධිකාරී ආරියවංශ ත්‍රිමාවිතාන මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ බැවින් අවසන් කටයුතු 2011.02.12 වන සෙනසුරාදා සවස 5.00 ට ඇල්පිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 4.30.
042974

පියසේන ලියනගේ - (කඩේ රාලහාමි) ප්‍රේමා රණවීරගේ ස්වාමිපුරුෂයා වූද චින්තා, කිංස්ලි (බස්නායක නිලමේ - ගැටබරුව) ලක්‍ෂ්මී චමරිගේ පියාණන්වූද, තිලක් ජයතිලක (කලර් - ක්‍රියේෂන් - කඩවත) ශානිකා මහකුමාරගේ මාමණ්ඩිය වූද විශ්‍රාමලත් ගම්පති පියසේන ලියනගේ (කඩේ රාලහාමි) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 13 වන ඉරුදින පවුලේ සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. මෙයට ශෝකයට පත් භාර්යාව හා දූදරු පිරිස. සේනානි, කොටපොල.
043596

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා