පල්ලෙකැලේ පුහුණු තරග කොළඹට එයි

පල්ලෙකැලේ පුහුණු තරග කොළඹට එයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරග දෙක කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අලුතින්ම ඉදිකරන ලද පල්ලේකැලේ ක්‍රීඩාංගණය අවට ප්‍රදේශවලට මේ දිනවල අධික ලෙස වර්ෂාව පතිත වීම හේතුවෙන් මේ පුහුණු තරග දෙක කොළඹ දී පැවැත්වීමට සිදුව තිබේ.

මේ මස 12දා ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර, 15 දා කෙන්යාව හා නෙදර්ලන්තය අතර මේ පුහුණු තරග දිවා - රාත්‍රි ලෙස පැවැත්වීමට සූදානම් කොට තිබුණි. කොළඹට ගෙන ආ මේ පුහුණු තරග දෙකම එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී දිවා තරග ලෙස එම දින දෙකේදීම පැවැත්වේ.

මෙයට අමතරව කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී 12දා කෙන්යාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල, 15 දා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරග බලාපොරොත්තු වූ පරිදිම පැවැත්වෙනු ඇත. අයහපත් කාලගුණික තත්ත්වය මත පුහුණු තරග අතහැර දැමූ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ලෝක කුසලාන තරගාවලියේ තරග 3ක් පැවැත්වීමට සැලසුම් කොට ඇත. එම තරග මාර්තු 8 වැනිදා නවසීලන්ත – පාකිස්තාන තරගයෙන් අනතුරුව පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා