පක්ෂ නායකත්වයට රනිල්ට අභියෝගයක් නෑ

පක්ෂ නායකත්වයට රනිල්ට අභියෝගයක් නෑ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (21) රැස් වූ අවස්ථාවේදී පක්ෂ නායකත්වයට කිසිවකුª ඉදිරිපත් වන්නේදැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විමසූ විට කිසිවකු ඉදිරිපත් වී නැතැයි වාර්තාවේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාද එම අවස්ථාවේ සභාවේ සිටියේය. නායකයා තෝරා ගැනීම ඡන්දයෙන් නොව සම්මුතියෙන් සිදු කළයුතු බව බහුතරයකගේ මතය වී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් තෝරා පත් කර ගැනීමේ කටයුතු අදට කල් දැමීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (21) තීරණය කෙළේය.

නව ව්‍යවස්ථාවට අනුව නව තනතුරු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (22) රැස්වීමට නියමිතය.

එජාප නායකත්වය ඇතුළු අනෙකුත් තනතුªරු සඳහා පුද්ගලයන් පත් කිරීම (24) වෙනිදාට පෙර සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී එජාප දිනාගත් පළාත් පාලන ආයතන සඳහා නායකයන් තේරීමද අද (22) දින සිදුකිරීමට ද නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා