සුනාමියෙන් විපතට පත් ජපාන ජනතාවට ලංකාවෙන් තේ

සුනාමියෙන් විපතට පත් ජපාන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිනැමෙන මුල්ම තේ තොගය ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කෑරගල මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී ඊයේ (21) නිල වශයෙන් භාර දුන් අවස්ථාව.




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


නාම යෝජනා ප්‍රතික්ෂේප වීම

පෙත්සම් 9ක තීන්දුව මැයි 10දා

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඉදිරිපත් වී තිබූ පෙත්සම් නවයක් පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය මැයි මස 10 දා දක්වා ඊයේ (21) කල් තැබීය. අභියාචනාධිකරණ සභාපති සත්‍ය හෙට්ටිගේ සහ විනිසුරු උපාලි අබේරත්න මහත්වරුන් හමු වේ මේ පෙත්සම් විභාගයට ගැණිනි. එම පෙත්සම් සියල්ලම තරුණ අපේක්ෂකයින් නියමිත සංඛ්‍යාව නොමැති වීමේ පදනම මත සුවිශේෂ වූ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඇඹිලිපිටිය නගර සභාව, හිඟුරක්ගොඩ, තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ද, එක්සත් ජාතික පක්ෂ වරකාපොළ සහ ඇළහැර ප්‍රාදේශීය සභා වෙනුවෙන් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රහසය මාවතගම ප්‍රාදේශීය සභාව සහ මිනුවන්ගොඩ නගර සභාව වෙනුවෙන් ද ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මෙම පෙත්සම් ඉදිරිපත් වී තිබේ.

විස්තර »

ජනපති උපදෙසින්

ශ්‍රී ලංකා-ජපන් ගුවන් ගමන් අඛණ්ඩව

ශ්‍රීලංකාවත් ජපානයත් අතර ගුවන් ගමන් සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් සේවා බලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට උපදෙස් දුන්නේය. සුනාමියෙන් ව්‍යසනයට පත් ජපානය අතර පැවැති ගුවන් ගමන් සේවා අතහැර දැමීමට බොහෝ රටවල් පියවර ගෙන තිබේ.

විස්තර »

පක්ෂ නායකත්වයට රනිල්ට අභියෝගයක් නෑ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (21) රැස් වූ අවස්ථාවේදී පක්ෂ නායකත්වයට කිසිවකුª ඉදිරිපත් වන්නේදැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විමසූ විට කිසිවකු ඉදිරිපත් වී නැතැයි වාර්තාවේ. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාද එම අවස්ථාවේ සභාවේ සිටියේය. නායකයා තෝරා ගැනීම ඡන්දයෙන් නොව සම්මුතියෙන් සිදු කළයුතු බව බහුතරයකගේ මතය වී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් තෝරා පත් කර ගැනීමේ කටයුතු අදට කල් දැමීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (21) තීරණය කෙළේය. නව ව්‍යවස්ථාවට අනුව නව තනතුරු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (22) රැස්වීමට නියමිතය.

විස්තර »

ජපාන විකිරණ සුළඟ හරහා ශ්‍රී ලංකාවට පැමිණ නැහැ

පරමාණු බලශක්ති අධිකාරිය අවධාරණය කරයි

ජපානයේ සිට කිසිදු විකිරණ ද්‍රව්‍යයක් වායුගෝලය හරහා මෙරටට පැමිණ නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය හා පරමාණු බලශක්ති අධිකාරිය ඒකාබද්ධව දිවයින පුරා සිදුකරන ලද පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇත. මේ හේතුවෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව පර්යේෂකයෝ පවසති. කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල, ත්‍රිකුණාමලය හා යාපනය නගර මූලික කර ගනිමින් මෙම පරීක්‍ෂණ සිදුකර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ (අංශ ප්‍රධානී ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, ආචාර්ය රංජිත් විජේවර්ධන යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් වායුගෝලයේ විකිරණ පරීක්‍ෂාව දෛනිකව සිදුකරනු ලබති.

විස්තර »

ඩී. ඇස්. සේනානායක ගුණසමරු උළෙල අද

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ 59 වැනි ගුණ සමරු උළෙල අද (22) පස්වරු 4.00 ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ ඩී. ඇස්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් ආරම්භ වන මේ උත්සවයට අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාද එක්වීමට නියමිතය.

විස්තර »

‘ස්විස්’ මහ ඡන්දයට පළමුවරට ශ්‍රීලාංකිකයෙක්

ලබන මස 3 වැනි දින ස්විට්සර්ලන්තයේ මහ මැතිවරණය සඳහා එරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වූ ඕල්ටනේටිව් පක්ෂයෙන් ඩිකෝන් පළාතට ශ්‍රී ලාංකිකයෙක් තරග කරයි. ශ්‍රී ලාංකිකයකු ස්විස් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහු කොළඹ මරදානේ පදිංචිව සිටි කාමිල් ඉසදීන් ය. මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඉසදීන් මීට වසර 22කට පෙර දී උසස් අධ්‍යාපනය සඳහා ස්විට්සර්ලන්තයට ගොස් ඇත. එහි දී නිවාස හා දේපළ නීතිය පිළිබඳ උපාධිය ලබාගත් ඔහු දැනට එම අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි. ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය පිහිටුවීමේ දී පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට ඇත්තේ ද ඉසදීන් බව එරට සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

විස්තර »

කොළඹ හෝටල් 100කට නගර සභාවෙන් නඩු

මාර්තු මස අවසන් වීමට ප්‍රථම කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලා සියයකට නඩු පැවැරීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පසුගිය වසර පුරා පවරා ඇති නඩු 230කට සාපේක්ෂව මෙය බෙහෙවින්ම ඉහළ යාමක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අපිරිසුදු ලෙස ආහාර පිළියෙල කිරීම, ආහාර ද්‍රව්‍යවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම බාල වර්ගයේ ආහාර විකිණීම වැනි හේතූන් මත මෙලෙස නඩු පවරා තිබේ. මේ වසරේ දී රුපියල් ලක්ෂයකට ආසන්න දඩ මුදල් ප්‍රමාණයක් ගෙවීමට ද වෙළෙඳසල් හිමියන්ට නියම කර ඇති අතර පසුගිය වසරේ දී රු. 275000ක දඩ මුදල් නියම කිරීමට ද අධිකරණය පියවර ගත්තේ ය.

විස්තර »

147 වැනි  පොලිස් විරු සමරුව

පොලිස් විරු සමරුව 147 වැනි වරටත් ඊයේ (21) පැවැත්විණි. මේ නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පොලිස් රණවිරු ස්මාරකය අභියස දී පුෂ්පෝපහාර උලෙළක් සංවිධානය කොට තිබිණි. යුද සමයේදී පොලිස් සේවයේ නියුතුව සිට මිය ගිය නිලධාරින්ගේ ඥාතිහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය - දිගාමඩුල්ල සමූහ චන්දන ලියනආරච්චි

ශ්‍රී ලාංකික තරුණිය ලෙබනනයේ ගොඩනැඟිල්ලකින් වැටී මරුට

ලෙබනන්හි ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක එරට රැකියා ඒජන්සියන සිවුවන මහලින් වැටී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. අදාළ රැකියා ඒජන්සියට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙන බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ.රුහුණගේ මහතා “දිනමිණ” ට පැවැසීය.

විස්තර »

නොරොච්චෝලේ සමාරම්භක උලෙළ රූපවාහිනියෙන් අද සජීවීව

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සමාරම්භක අවස්ථාව අද (22) සවස 5.00 සිට ජාතික රූපවාහිනී සහ ස්වාධීන රූපවාහිනී සේවා ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

“පන්සල, පල්ලිය, කෝවිල මුල් කරගත් සහජීවන යුගයක් ගොඩනඟමු”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 මාර්තු 12 ගාල්ලේ දී



වෙළඳ දැන්වීම් . . . .

 
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
සංවර්ධන වැඩ දමලා බලු ගාණට
හැටේ පොල් ගෙඩිය උස්සං සිය ගාණට
හුරේ තියපු රෝසි පූසි අලි රෑනට
ගමේ ගෑනු දුන්න නෙවද අම්බානට