පෙත්සම් 9ක තීන්දුව මැයි 10දා

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම

පෙත්සම් 9ක තීන්දුව මැයි 10දා

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඉදිරිපත් වී තිබූ පෙත්සම් නවයක් පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය මැයි මස 10 දා දක්වා ඊයේ (21) කල් තැබීය.

අභියාචනාධිකරණ සභාපති සත්‍ය හෙට්ටිගේ සහ විනිසුරු උපාලි අබේරත්න මහත්වරුන් හමු වේ මේ පෙත්සම් විභාගයට ගැණිනි.

එම පෙත්සම් සියල්ලම තරුණ අපේක්ෂකයින් නියමිත සංඛ්‍යාව නොමැති වීමේ පදනම මත සුවිශේෂ වූ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඇඹිලිපිටිය නගර සභාව, හිඟුරක්ගොඩ, තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ද, එක්සත් ජාතික පක්ෂ වරකාපොළ සහ ඇළහැර ප්‍රාදේශීය සභා වෙනුවෙන් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රහසය මාවතගම ප්‍රාදේශීය සභාව සහ මිනුවන්ගොඩ නගර සභාව වෙනුවෙන් ද ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මෙම පෙත්සම් ඉදිරිපත් වී තිබේ.

නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කෙරුණු බවට තේරීම්භාර නිලධාරියා නිකුත් කෙරුණු ලිපියේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට හේතුව වශයෙන් නියමිත තරුණ අපේක්ෂකයින් සංඛ්‍යාව නොසිටීම යනුවෙන් සඳහන් කර තිබුණ ද එම තරුණ අපේක්ෂකයා කවුරුන් ද යන්න සඳහන් කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා කීය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා 1991 මැයි 31 දිනට පෙර උපත ලැබිය යුතු අතර ඉන් පසුව ඉපදුණු අයට අපේක්ෂකත්වය ලැබිය නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

සෑම අපේක්ෂකයෙකුම 2009 ජූලි 01 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ ෂය යුතුව තිබූ බවත් එදිනට වයස අවු. 18 සම්පූර්ණ වී නොතිබූ අපේක්ෂකයින් ඇතුළත් වූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බවද ප්‍රනාන්දු මහතා කීය.

එ. ජ. නි. ස යේ පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා සහ මනෝහරද සිල්වා මහත්වරුන්ද එ. ජා. ප යේ පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ද පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා