රනිල්ට ජනපති සුබ පතයි

රනිල්ට ජනපති සුබ පතයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (24) උදෑසනම කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළේය.

නැවත වරක් එ.ජා.ප නායකත්වයට පත් වීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුබ පැතුම් පිරි නැමුවේය. සිය 62 වැනි උපන් දිනය ඊයේ සැමරූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් පක්ෂ නායකයා වශයෙන් එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කර ගනු ලැබුවේ පෙරේදාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා