සිව් වසරකින් පිබිදුණු අනුරපුරය

සිව් වසරකින් පිබිදුණු අනුරපුරය

වසර 2008 වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනය 886945 ක් විය. ප්‍රතිශතයක් ලෙස ගත්කල 49.04%කි. ස්ත්‍රී ජනගහනය 452009 කි. ජාතීන් අනුව ජනගහනය වර්ග කළ විට සිංහල ජනයා 808859 ක් වේ. එය සමස්ත ජනගහනයෙන් 91.20%කි. මුස්ලිම්වරුන් 72289 කි. දෙමළ 4502 කි. වෙනත් ආගම් අදහන ජනයා 1295 වැනි සුළු පිරිසකි.

ආගම අනුව ජනගහනය වර්ග කළ විට දී බෞද්ධ ජනයා 803459 ජීවත් වන විට, ඉස්ලාම් ආගම අදහන්නෝ 72328 දෙනෙකි. හින්දු සහ ක්‍රිස්තියානි ආගම් අදහන ජනතාව 3844 සහ 7128 වේ.

දිස්ත්‍රික්කයේ කර්මාන්ත අංශයේ අනුයුක්ත සේවක සංඛ්‍යාව 24592 කි. එයින් කුඩා පරිමාන ආයතන 3453 කට අදාළ සේවක සංඛ්‍යාව 7632 කි.එයින් මහා පරිමාන ආයතන 53 ක් තුළ සේවකයින් 9710 ක් සේවය කරනු ලබති.

අනුරාධපුරය ප්‍රධාන පෙළේ කාර්යාලයවලට අමතරව තැපැල් සහ උප තැපැල් කාර්යාල 246 ක්, නියෝජිත තැපැල් කාර්යාල 16 ක් පසුගිය වකවානුව තුළ දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇත.

ගොවිතැනට මුල් තැන

2008 වර්ෂය තුළ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වී මෙ. ටො 12357 ක අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර, ඒ ඉඩම් හෙක්ටයාර 812554ක් වැපිරිණි. ඒ සඳහා දිස්ත්‍රික්කය තුළ පිහිටි මහා වාරි කර්මාන්ත 31092 ක සහාය ලැබිණි. වී වගාවට අමතරව එළවළු, අතිරේක භෝග, ධාන්‍ය වගා කළ බිම් හෙක්ටෙයාර 6324 කි. ඉන් ලද අස්වැන්න කි. ග්‍රෑ. 3513000කි. 2008 වසරේ දී දිස්ත්‍රිත්කයේ ඉඩම් පරිහරණ රටාව අනුව කුඹුරු ඉඩම් සඳහා හෙක්ටෙයාර 128719.79 ක් ද හේන් ඉඩම් සඳහා හෙ 59084.05ක්ද වෙන්ව ඇත. පසුගිය වසර 3 ක සංවර්ධන ක්‍රියාකාරකම් සහ 2008 සංවර්ඳධන ඉලක්ක සීරු මාරුවෙන් ගණනය කිරීමේ දී කෘෂි ක්ෂේත්‍රය සඳහා විය යුතු පරිද්දෙන් රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි.

මහින්ද චින්තන ජාතික ප්‍රතිපත්තියට අනුව එක් ගමක් එක් වගාවක් සඳහා රු. මි. 10ක පැළ නිෂ්පාදන ඉලක්කයක් වෙත සාර්ථකව ළං වෙමින් පවතී. මෙහි නිෂ්පාදනය කරන පැළ අදාළ වැඩ සටහන සඳහා කෘෂි සංවර්ධන සමූපකාර සමිතිවල නිර්දේශය මත ලබාදෙනු ලැබේ. 2010 දී දැනට පවතින පැල 18 ක තවාන් සංඛ්‍යාව 20 දක්වා වැඩි කිරීමත් එමගින් වාර්ෂික දළ නිෂ්පාදනය ඉහළ නංවා පලාතට අදාළ පැල හා රෝපණ ද්‍රව්‍ය සුලභ කිරීමට බලාපොරොත්තු වේ. පළාත් කෘෂි අමාත්‍යාංශය මගින් මේ වන විට ළිං 3573 ක් සදහා ආධාර ලබා දී ඇති අතර ලබන වසරේ දී මේ වන විටත් කැනීම් කර ඇති මහා ලිං ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් ලබා දීමටත් ඒ ආශ්‍රිත බෝග රටා හා නව තාක්ෂණය යටතේ කෘෂි කර්මාන්තය ඉහළ නැංවීමටත් අදහස් කර සිටී.

තරුණ ගොවි සංවිධාන හා ග්‍රාමීය මට්ටමේ තරුණ ගොවි සමාජ ඇතිකර ඒ හරහා කෘෂිකර්ම දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, තරුණ ගොවි ව්‍යවසායකත්වයක් ගොඩ නැගීමටත් ඒ සඳහා රු.මි. 4.0ක් වෙන්වූ අතර ඒ සදහා ගිය වියදම රු. මි. 0.246ක් වේ.

සැරිසර ගෙවතු

2007 වසරේ දී ඇරඹි ගෙවිලියක සවිය ජාතික වැඩසටහන යටතේ පළාත් මට්ටමින් ගෙවතු 3000ක් ආරම්භ කෙරුණි.. 2009 වර්ෂය වන විට අපේක්ෂිත ගෙවතු සංඛ්‍යාව 1000කි. ඒ සඳහා රු. මි. 1 ක මුදලක් වෙන්ව ඇත. ව්‍යාපාරික ගොවිතැන සඳහා දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ දී වාණිජ භෝග සඳහා ප්‍රමුඛතාවය හිමි වේ. ඒ අනුව බුලත්, ගම්මිරිස්, කිලෝ පේර සහ කොස් වගාවන් දිරි ගැන්වීම සඳහා රුපියල් මිලියනයක මුදලක් අනුමත වූ අතර. එහි වියදම රු.මි. 0.647 ක් වේ. ආර්ථික භෝග සඳහා හොඳ මිලක් ලබාදීමේ අරමුණින් මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය කඩිනමින් ඉදකිරීමට අපේක්ෂිතයි. ගෙවතු වගාව සංවර්ධනය කිරීමේ වැඩසටහන ද මේ වන විට අපේක්ෂිත අරමුණු කරා ළංව ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් වෙත පොල් පැල, මී මැසි පෙට්ටි, මල් බාල්දි වැනි ගොවි උපකරණ ලබා දීම සිදුවේ 2008 වසරේදී එය රු.මි.1.36 ක් වියදම් විණි.

ගෙවතු බීජ පැකට් 15000ක් කෘෂි සංවර්ධන සමූපකාර සමිති හරහා 2009 වසරේ දී ලබා දුන් අතර, ඒ සඳහා රු. මි. 0 5 ක් වෙන් කර ඇත. මේ වැඩසටහනේ මූලික අරමුණක් වන්නේ නව ගෙවතු වගා සංස්කෘතියක් ඇති කිරීමයි. තරඟකාරීත්වය හා ඇගයීම තුළින් ගෙවතු හිමියන් ධෛර්යමත් කර පවුලකට අවශ්‍ය එලවළු ගම ආශ්‍රිතව නිෂ්පාදනය කිරීමට මින් බලාපොරොත්තු වෙයි. “එක් ගමක් එක්වගාවක්” වැඩසටහන ගම්මාන 40ක් තුළ ක්‍රියාත්මක වේ. එහි දී කිලෝ පේර, ඇඹරැල්ලා, පැෂන් ෆෘට්, කිරි අල, ඉඟුරු යන භෝගයන් වගා කෙරේ 2008 වර්ෂයේ දී ඒ සඳහා වැය වූ වියදම රුපියල් මිලියනයකි.

කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩසටහන මත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන්නේ රේඛීය නිෂ්පාදන අමාත්‍යාංශය යටතේ ය. ඒ සඳහා රු. මි’ 0.5 අනුමතව ඇත. නව කෘෂිකර්ම පද්ධති පාංශු සංරක්ෂණය පාසල් සිසුන් අතර කෘෂි තාක්ෂණික දැනුම ව්‍යාප්ත කිරීම ගොවි ජනතාවට අවශ්‍ය විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන කරුණු සඳහා රු.මි’ 2.55 ක මුදලක් වියදම් වී ඇත.

ආර්ථික භෝග යටතේ ඉඩඉරිඟු මහව දිස්ත්‍රික්කය තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇත. 2010 වර්ෂය වන විට අලුතින් අක්කර 2500ක බඩඉරිඟු වගාවක් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා රු.මි. 1.5 ක ප්‍රතිපාදන වෙන්ව ඇත.

ගම්දොරට විදුලිය

ජාතික විදුලි පද්ධතියෙන් ආවරණය නොවන පළාතේ ජනතාව ගේ විදුලි අවශ්‍යතාවය සපුරාලීම තුළින් ජන ජීවිතය ආලෝකමත් කර ඔවුන්ගේ ආර්ථිතය නගා සිටුවීමට ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිවල අරමුණයි. 2006 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රගතිය 100% සිට 65% දක්වා අවම කර ගැනීමට හැකියාව ලැබුනේ සමස්තයක් ලෙස දිස්ත්‍රික්කය පුරාවට විදුලිය ලබා දුන් නිසාවෙනි. 2006 වර්ෂයේ දී ග්‍රාමීය විදුලි ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ගත කළ රු.30,000,000 මුදලින් වැය කළ මුදල වූයේ රු. 29,989,051.40 කි. 2007 වර්ෂයේ දී ඇස්තමේන්තුගත මුදල රු. 700,000ක් වේ. ඉන් වැය කළ මුදල රු.6790400 කි.. 2008 වර්ෂයේ දි ඇස්තමේන්තු ගත මුදල රු 25,000,000 කි.. ඉන් වැය කළ මුදල් ප්‍රමාණය රු.22,620,400.31 කි.. 2009 වර්ෂයේ දී මේ වන විට රු.. 19,577,456 ග්‍රාමීය විදුලිය සඳහා රජය වියදම් කර ඇත. මෙම ග්‍රාමීය විදුලි ව්‍යාපෘති අතරින් සුවිශේෂී ව්‍යාපෘතියක් වන්නේ නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුහදගම 272 තුලාන හීනාබෝලමුව ගමට විදුලිය සැපයීමේ ව්‍යාපෘතියයි. ඒ සදහා රුපියල් බිලියන 2. 6 ක මුදලක් වැය කර ප්‍රතිලාභීන් 261 දෙනෙකු සඳහා විදුලිය ලබා දී ඇත.

අනුරාධපුර මහ රෝහල

මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ අනුරාධපුර මහා රෝහල සඳහා අවශ්‍ය පහසුකම් හා වෛද්‍ය උපකරණ සම්පාදනය මගින් රෝහල් සේවා වැඩි දියුණු කිරීම හා උසස් කිරීම වේ. අනුරාධපුර මහ රෝහල එම පළාතේ වෙසෙන මිලියන 1.1 ක් පමණ වන ජනගහණයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීම සිදු කරනු ලබයි. මෙම ජනගහනයෙන් 80% පමණ මෙම රෝහල මගින් සේවය සැපයිය හැකි සීමාවේ වාසය කරයි. පළාතේ ඇති එකම ප්‍රධාන රෝහල අවට රෝහල් වල ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පහසුකම් නොමැති නිසා විවිධ ප්‍රදේශවලින් රෝගීන් පැමිණීමත් රෝගීන් මාරු කර එවීමත් නිසා පුළුල් වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා ගැනීම සඳහා වඩා ජනාකීර්ණ රෝහලක් බවට පත්ව ඇත. ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් සැපයීම සම්බන්ධව පවතින රෝහල් පරිහරණ අනුපාතය මගින් පවා ඉක්මවා යන ඉතා ඉහළ රෝගී සංඛ්‍යාවක් දැනට මෙම රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ රෝහල දැනට අවශ්‍ය්‍ය පහසුකම්වලින් තොරව ක්‍රියාත්මක වන අතර රෝගීන් සඳහා අපේක්ෂිත ප්‍රතිලාභ ලබා දීමට මෙය මහත් බාධාවක් වී ඇත. මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත.

මාර්ග සංවර්ධනය

උතුරු මැද පළාත් දිළිඳු ගොවීන් තම ගොවිද්‍රව්‍ය හා නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමටත් අනාගතයට ගැලපෙන පරිදි ගම හා නගරය යා කර ඔවුන් ගේ ජීවිත සුඛිත මුදිත කරවීමටත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය උතුරු මැද පළාත් මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම් සිදු කරනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා