ඇඹිලිපිටිය නගර සභාවේ මංගල සැසියට ගණපූරණය නෑ

ඇඹිලිපිටිය නගර සභාවේ මංගල සැසියට ගණපූරණය නෑ

ඇඹිලිපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම ගණපූරණයක් නැතිව කල් දමන්නට සිදුවිය. ඊයේ (16) රැස්වීමට සහභාගි වී සිටියේ නගර සභාවේ සභාපති වේවැල්දුවේ ඥානප්‍රභ හිමි සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දිනේෂ් මධුශංඛ මහතා පමණි. මීළඟ රැස්වීම ලබන 20 දා පැවැත්වීමට තීරණය විය. ඇඹිලිපිටිය නගර සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 7 දෙනෙකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 5 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 2 ක්ද ඊට ඇතුළත් වෙති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උප සභාපති ලලිත් ගමගේ මහතා කියා සිටියේ රැස්වීමට පෙර සාකච්ඡාවක් සිදුනොවූ බවයි. විපක්ෂ නායක සුමිත් සේනක මහතා ආගමික චාරිත්‍රානුකූලව රැස්වීම නොපැවැත්වීම පිළිබඳ කනගාටුව පළ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා