බුලත්සිංහල ත්‍රිරෝද රථ නැවතුමක ගංජා ජාවාරමක්

බුලත්සිංහල ත්‍රිරෝද රථ නැවතුමක ගංජා ජාවාරමක්

ත්‍රිරෝද රථ රියැදුරකු ද අල්ලයි

ගංජා ගෙනාවේ ඇඹිලිපිටියෙන්

බුලත්සිංහල ගල්ඔය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාලේ ගංජා අලෙවි කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරකු බුලත්සිංහල පොලීසිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.ඇඹිලිපිටියෙන් ගංජා ගෙනවිත් නගරයේ අයට හා පාසල් ළමුන්ට ගංජා අලෙවි කර ඇත්තේ ත්‍රිරෝද රථය ඇතුළේදීය. කුලී ගමන් යන මුවාවෙන් මෙම ජාවාරමේ යෙදී ඇත. මෙයට පෙරත් අත්හිටවූ සිර දඬුවම් නියම වූ අයෙකු ත්‍රිරෝද රථය සමඟ ගංජා ග්‍රෑම්ස් 60ක් අත්අඩංගුවට ගෙන ඇත. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති එච්. ඒ. ගුණරත්න පොලිස් සැරයන් සමරවීර (24052) පො. කො. කරුණාරත්න (18554) යන මහත්වරු මෙම වැටලීම කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා