ඉරාකය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි

ඉරාකය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි

74ක් මරුට – 300කට තුවාල

වසරකටත් වැඩි කාලයක දී ඉරාකයේ දරුණුම දිනය සටහන් කරමින් පෙරේදා රට පුරා ඇතිවූ සිද්ධිවලදී පුද්ගලයන් 74 දෙනකු ඝාතනය වී තිබේ. මින් 40 ක්ම මිය ගොස් ඇත්තේ පිපිරුම් දෙකක් සම්බන්ධයෙන් අල්කයිඩාව චෝදනාවට ලක්ව ඇති දකුණු දිග කුට් නගරයේදීය. මේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම වසර අග අමෙරිකානු හමුදා ඉවත් කරගැන්මට කලින් ඉරාක හමුදාවන්ට පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් ඉරාක නායකයන් ඇති කරගත් එකඟතාව හමුවේ ආරක්ෂක බළකායන්ගේ හැකියාව ප්‍රශ්න කරන්නක් වී තිබේ. නගර 18 ක දී මේ ප්‍රහාරයන් සිදුව තිබුණු අතර ඒවායින් 300 ක් පමණ තුවාල ලබා තිබිණ.

මේවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කථානායකවරයා ආරක්ෂක අංශවලට චෝදනා කර තිබේ. ම් ප්‍රහාරවලින් දරුණු ම සිද්ධිය ඇතිවූ කුට්හි දී මාර්ගාසන්න බෝම්බයක් පුපුරා යාමෙන් මිනිත්තු කීපයකට පසු රිය බෝම්බයක් සක්‍රීය වී තිබේ.  මෙහිදී 40ක් මියගොස් තවත් 65ක් තුවාල ලබා ඇත. කාන්තාවන් හා ළමයින් මේ අතර සිටින බවද සඳහන්ය.මේ ප්‍රහාරයන් පිළිබඳව කිසිවෙක් වගකීම බාරගෙන නැත. එහෙත් මාස දෙක තුනකට වරක් අල්කයිඩාව ඔවුන් තවමත් සක්‍රීය බව පෙන්වීීමට මෙවන් සිද්ධි ඇති කරන බව කියැවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා