මධ්‍යම පළාතේ සැක කටයුතු පුද්ගලයෝ 142ක් අත්අඩංගුවට

මධ්‍යම පළාතේ සැක කටයුතු පුද්ගලයෝ 142ක් අත්අඩංගුවට

මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශයන්හි සැක කටයුතු අන්දමින් සැරිසැරූ හා සැක කටයුතු ක්‍රියාවන්හි යෙදුණු පුද්ගලයන් 142 කු අත්අඩංගුවට ගත් බවත් ඔවුන් කිසිවකු ළඟ ගී‍්‍රස් තැවරී නොතිබුණු බවත් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතා පවසයි. එනිසා ඔවුන් කිසිවකු ගී‍්‍රස් යකුන් හෝ භූතයන් නොවන බවත් එය සමාජයේ පතුරුවන මිත්‍යා මතයක් බවත් ඒ මහතා කීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර විවිධ මානසික ගැටලු තිබුණු පිරිස් සිටි බවද ඇතැම් අය වෙනත් අපරාධ සඳහා සැකකරුවන් බවද අඹන්වල මහතා අවධාරණය කරයි. විවිධ සිද්්ධීන් සම්බන්ධයෙන් මෙහි ඇතැම් සැකකරුවන් සම්බන්ධව විශේෂ පරීක්ෂණ පැවැත්වෙන අතර ඔවුන්ගෙන් ඇතැම් අපරාධ පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා