ජාතියේ ජයග්‍රාහි ගමනට එරෙහිව නැගෙන බලවේග මැඩලීම සැමගේ වගකීමයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2008 දෙසැම්බර් 18 කොළඹ දී




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

තරු හෝටලයකින් ආහාර ගත් විශේෂඥ වෛද්‍යවරු රෝගාතුරව රෝහලේ

* විදෙස් වෛද්‍යවරුන්ද ඒ අතර

* හෝටලයට වසරේ බලපත්‍රය නැහැ

කොළඹ තරු පහේ හෝටලයකින් ආහාර ගත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් රෝගාතුර වී රෝහල් ගතකර තිබේ. මෙසේ ආහාර විෂ වූ වෛද්‍යවරුන් අතර විදේශීය වෛද්‍ය වරුන් ද සිටින බව දැනගන්නට තිබේ.කොළඹ තරුපහේ හෝටලයක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය සංවිධාන කළ සමුළුවකට සහභාගි වූ වෛද්‍යවරුන් මෙසේ රෝගාතුර වී සිටිති.

විස්තර »

රිසානා රට යැවූ ඒජන්සිකරු අත්අඩංගුවට

සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වී සිටින රිසානා නෆික් ට විදේශගත වීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර කොළඹට ගෙන ආ ඒජන්සිකරුවකු හා ඔහුට උදව් දුන් පුද්ගලයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.එක් පුද්ගලයෙක් බේරුවලින් අත්අඩංගුවට ගත් අතර අනෙක් පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයේ පදිංචි අයෙකි. කල්මුණේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අවස්ථා කිහිපයකදී රිසානා කොළඹට ගෙනවිත් තිබේ.

විස්තර »


ත්‍රිකුණාමලයේ ආන්දන්කුලම වැවට ජලය බීමට පැමිණෙන වල් අලි අතර පාදයක ආබාධයකට ලක්වූ අලියකු ද පැමිණෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. මේ අලියාගේ පිටුපස වම් පාදය ආබාධයකට ලක්වී ඇති අතර මේ අලියා ජලය බීමට පැමිණෙන අයුරු.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද

සමහර මාධ්‍ය පළකළ පුවත් නිසා
රණවිරු ධෛර්යය බිඳ වැටුණා

ආරක්ෂක ලේකම්

ආරක්ෂක හමුදා සෙබළුන්ගේ කැපවීම හා ශක්තිය මත යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකිවූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු හමුවේ කියා සිටියේය. සමහර මාධ්‍ය ආරක්ෂක..

විස්තර »

යක්කල රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට

තිදෙනකුට බරපතළ තුවාල

ගම්පහ යක්කල මහවිට කිරිකඩේ වංගුව ප්‍රදේශයේදී ඊයේ (16) උදෑසන මෝටර් රථයක් මගී ප්‍රවාහන බස් රියක ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ....

විස්තර »

රේගුවේ ඇස් වසා සිමෙන්ති
තොගය පැන්නුවේ කොහොමද?

විශේෂ පරීක්ෂණයක්

ප්‍රමිති සහතිකයක් ලබා නොගත් සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික සමූපකාර මණ්ඩලය පකිස්තානයෙන් ආනයනය කළ සිමෙන්ති තොගයක් ජාතික සමුපකාර මණ්ඩල ගබඩා සඳහා ශ්‍රී ලංකා රේගුව නිකුත් කර ඇතත් ප්‍රමිති සහතිකය නොමැතිව වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර ලබා දී නැත.

විස්තර »


හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ (16) පැවැති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මාලදිවයින ජනාධිපති මොහොමඩ් නෂීඩ් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහත්වරු පැමිණි අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
ජේ. වී. පී. ය වෙයි විසි තුනටම කිට්ටු
යූ. ඇන්. පී. ය සිතනු ඇත කරනට මට්ටු
එන තුරු බලා ගෙනමයි ඉන්නේ රට්ටු
පසුගිය ජයම ලැබෙනව කීයද ඔට්ටු !