සෞඛ්‍යයට අහිතකර හෝටල් දෙකක් වසයි

සෞඛ්‍යයට අහිතකර හෝටල් දෙකක් වසයි

මහජන සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය පේරාදෙණිය නගරයේ හෝටල් දෙකක් වසා දැමීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා නියෝග කොට එක් අයකුට රුපියල් දසදහස බැගින් දඩයක් ද නියම කොට තිබේ.

එම හෝටල් දෙක වසා දැමීමට නියම කොට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණයකින් අනතුරුව මහජන සෞඛ්‍යයට හිතකර අන්දමින් පිළිසකර කිරීමකින් පසු නැවත හෝටල් දෙක විවෘත කළ හැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා පවසා ඇත. යටිනුවර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධන, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහින්ද තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නඩු පවරා තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා