වවුනියාවේ නිවාස 109ක් අද ජනතා අයිතියට

වවුනියාවේ නිවාස 109ක් අද ජනතා අයිතියට

වවුනියාව දිස්ත්‍රික්කයේ මැණික්ෆාම් ප්‍රදේශයේ ඉදිකළ නිවාස 109 ක් ජනතා අයිතියට පත් කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සිදු කෙරේ.

මේ සඳහා යුරෝපා හවුල අරමුදල් සපයා තිබෙන අතර එම නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබෙන බවත්, ඒ මඟින් ලබන 2013 වන විට නිවාස 2500ක් ඉදිකිරීමට සැලසුම්කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය පවසයි.

“උතුරු වසන්තය” සංවර්ධන වැඩසටහනට සමඟාමීව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මේ නිවාස ව්‍යාපෘතිය මඟින් වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාව සඳහා විසඳුමක් ලැබෙන බවද එම කාර්යාලය සඳහන් කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති බර්නාඩ් සැවේජ්, වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ සභාපතිනි පී. එස්. එම්. චාර්ල්ස් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා