කරණීය මෙත්ත සුත්‍රය

කරණීය මෙත්ත සුත්‍රය

(සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, උරග වග්ගය)

කරණීය මත්ථ කුසලේන – ඒ ශාන්ත පදය වන ‘අමා නිවන’ ට පැමිණ වාසය කිරීමට

යං තං සන්තං පදං අභිසමේච්ච – කැමති අයෙකු විසින් ඒ සඳහා ඇති කර ගත යුතු කුසලතා

සක්කෝ - (කුටි සෑදීම සිවුරු මැසීම පඬු පෙවීම පාත්තර සකස් කිරීම ආදී) සියලු කටයුතු වල දක්‍ෂයෙක් විය යුතුයි

උජූ ච - සෘජු (අවංක) කෙනෙක් විය යුතුයි

සූජූ ච – ඉතා අවංක කෙනෙක් විය යුතුයි

සුවචෝ චස්ස - කීකරු කෙනෙක් විය යුතුයි

මුදු – මෘදු හිතැත්තෙක් විය යුතුයි

අනතිමානී – අධික මාන නැත්තෙක් විය යුතුයි

සන්තුස්සකෝ ච – ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතුයි

සුභරෝ ච – පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් විය යුතුයි

අප්පකිච්චෝ ච – අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුයි

සල්ලවුකවුත්තී - සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුයි

සන්තින්ද්‍රියෝ ච – දමනය කළ සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුයි

නිපකෝ ච – තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුයි

අප්පගබ්භෝ - හැඩිදැඩි අසංවරගති නැත්තෙක් විය යුතුයි

කුලේසු අනනුගිද්ධෝ - හිත මිත්‍ර කුල පවුල් වල නොඇලෙන්නෙක් විය යුතුයි

න ච බුද්දං සමාචරේ කිඤ්චි යේන – නුවණැත්තන් නින්දාකරන ඉතා සුළු වරදක් වත් නොකරන

විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං - අයෙක් විය යුතුයි.        

(මෛත්‍රිය වඩන ආකාරය)

සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා භය නැත්තෝ වෙත්වා සැප

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - ඇති සිත් ඇත්තෝ වෙත්වා

යේ කේචි පාණභූතත්ථි තසා වා - කෙලෙස් සහිත වූ ද, කෙලෙස් රහිත වූ ද, යම් සත්ව

ථාවරා වා අනවසේසා - පිරිසක් ඇද්ද ඒ සියලුම දෙනා ද

දීඝා වා යේ මහන්තා වා - දිග සත්තු ද මහත ශරීර ඇති සත්තු ද

මජ්කධිමා රස්සකාණුකථූලා - මධ්‍යම ප්‍රමාණයේ සත්තු ද මිටි සත්තු ද ඉතා සියුම් සත්තු ද ස්ථුල සත්තු ද

දිට්ඨා වා යේව අද්දිට්ඨා - ඇසට පෙනෙන සත්වයෝ ද ඇසට නොපෙනෙන සත්වයෝ ද

යේ ච දූරේ වසන්ති අවිදූරේ – දුර වාසය කරන සත්වයෝ ද ළඟ වාසය කරන සත්වයෝ ද

භූතා වා සම්භවේසීවා - ඉපදි සිටින සත්වයෝ ද ඉපදෙමින් සිටින සත්වයෝ ද

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ සුවපත් වෙත්වා

න පරෝ පරං නිකුබ්බේථ – කිසිවෙක් කිසිවෙකුට (රැවටීම් ආදියෙන්) හිංසා නොකෙරේවා

නාතිමඤ්ඥේථ කත්ථචී නං කඤ්චී – කිසි තැනකදී කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා

ඛ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා - නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන්

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙයිය – ඔවුනොවුන්ට දුකක් කැමති නොවෙත්වා

මාතා යථා නියං පුත්තං - තම ජීවිතය මෙන් පුතු සුරකින

ආයුසා ඒකපුත්තමනුරක්ඛේ – එකම පුතෙකු ඇති මව් විලසින්

ඒවම්පි සබ්බභූතේසු - සියලු සත්ත්වයන් කෙරෙහි

මානසං භාවයේ අපරිමාණං - අප්‍රමාණ වු මෙත් සිත පැතිර විය යුතුය

මෙත්තං ච සබ්බ ලෝකස්මි – උඩ ද යට ද හරහට ද සීමාවක් නැතිව වෛර සිත්

මානසං භාවයේ අපරිමාණං - නැතිව සතුරු බාධා නැතිව සියලු ලෝකය කෙරෙහි

උද්ධං අධෝ ච තිරියඤ්ච – අප්‍රමාණ වු මෙත් සිත පැතිරිය යුතුය.

අසම්බාධ අවේර අසපත්ත

තිට්ඨං චරං නිසින්නෝ වා - සිටගෙන සිටින විට ඇවිදින විට හෝ හිඳගෙන සිටින විට ද

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ - නිදාගැනීමට ගිය විට හා නින්ද යන තුරු ද

ඒතං සතිං අදිට්ඨෙය්‍ය - මේ මෛත්‍රී සහගත සිත අධිෂ්ඨානයෙන් සිහි කළ යුතුය

බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු - එසේ විසීම බ්‍රහම විහරණය යි කියනු ලැබේ.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා - (මෙසේ කරන තැනැත්තා) කිසිදු මිථ්‍යා දෘෂ්ටියන් හි නොඇලී සිල් ගුණ ධර්ම දියුණු කරගෙන

දස්සනේන සම්පන්නෝ - සොතාපණ්ණ මාර්ගය දකිනා නුවණින් යුතුවී

කාමේසු විනෙය්‍ය ගේධං - කාමයන්ට ඇති ඇල්ම දුරු කොට

නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති – නැවත මව් කුසක බැස ගැනීමට නොපැමිණේ (පිරිණිවන්පානු ලැබේ)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා