ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි උද්ඝෝෂණයේදී නයිජීරියානුවන් 6ක් මිය ගිහින්

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි උද්ඝෝෂණයේදී නයිජීරියානුවන් 6ක් මිය ගිහින්

නයිජීරියානු පොලිසිය සහ විරෝධතාකරුවන් අතර පෙරේදා ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 6 දෙනෙක් මිය ගිය බව වාර්තා වේ’ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව නයිජීරියාව පුරා උද්ඝෝෂණ පවත්වා ඇති අතර එම උද්ඝෝෂණවලට දස දහස්ගණන් පිරිසක් සහභාගී වී තිබේ. අඛණ්ඩ වර්ජනයක් පවත්වන බවට එරට වෘත්තිය සමිති ද අනතුරු අඟවා ඇත. අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රටවන නයිජීරියාව, අප්‍රිකාවේ ඛනිජ තෙල් සපයන රටවල් අතර ප්‍රමුඛයා ද වේ.

නයිජීරියාවේ දිනෙන් දින උග්‍රවන ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින්නේ බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමින් බව වාර්තා වේ. දරුණුම තත්ත්වය උද්ගතව ඇත්තේ උතුරු දිග පිහිටි කානෝ නගරයේයි. එහිදී උද්ඝෝෂකයන් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරා ඇත. මෝටර් වාහන සහ නිවාසද පුළුස්සා දැමීමට තැත් කර ඇත. රාජ්‍ය ලේකම් කාර්යාලයට ගිනි තබා තිබේ.

කානෝ හි ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගලයන් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. මොවුන් අතුරින් 18 දෙනෙක් වෙඩි වැදුණු අය බව කියන රෝහල් ආරංචි මාර්ග ඔවුන් අතුරින් දෙදෙනෙක් පසුව මිය ගිය බවද පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා