රඹුක්කනින් පිටත්වන කොටුව දුම්රිය ප.ව. 1.20ට එවන්නැයි ඉල්ලති

රඹුක්කනින් පිටත්වන කොටුව දුම්රිය ප.ව. 1.20ට එවන්නැයි ඉල්ලති

අලව්වේ ශ්‍රී රාහුල ජාතික පාසලේ සහ රතනාලංකාර මහ විදුහලේත් සිසුන් සිය ගණනක් පාසල නිමවී තම නිවෙස් කරා යෑමට දුම්රියක් නොමැතිකමින් දිනපතා පැය 1 1/2ක් පමණ අලව්ව දුම්රිය ස්ථානයේ රස්තියාදු වෙති.

මෙම පාසල් දෙක ඇරෙනුයේ පස්වරු 1.30ටය. පස්වරු 1.00 ට රඹුක්කන සිට කොළඹ කොටුව බලා යන අංක 565 දරන මන්දගාමී දුම්රිය අලව්ව දුම්රිය ස්ථානයට ළඟා වනුයේද 1.30 ටය. 1.30ට පාසලෙන් එන සිසුන්ට මෙම දුම්රියට ඒමට කොහෙත්ම බැරිය. ඊළඟ දුම්රියක් අලව්වට ළඟාවනුයේ පස්වරු 2.50 ටය. එතෙක් සිසුන්ට පුරා පැයකුත් විනාඩි විස්සක් දුම්රිය ස්ථානයේ රස්තියාදු වීමට සිදුවී තිබේ.

මේ නිසා පස්වරු 1.00 ට රඹුක්කනින් පිටත්වෙන අංක 565 දරන දුම්රිය 1.20 ට පිටත්කරන ලෙස මව්පියෝ මෙන්ම පාසල් සිසුන්ද දුම්රිය ධාවන අංශයෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා