විකුණා මුදල් දෙන්නම් කියා තැඹිලි වල්ල අරන් පැනලා

විකුණා මුදල් දෙන්නම් කියා තැඹිලි වල්ල අරන් පැනලා

ජයරත්නගේ ගැටේට ගෙහිමි කත අසුවෙයි

ජයරත්න ජීවත්වීම සඳහා නොකරන දෙයක් නැත. විටක කරත්තයක් බැද කොස්, පොල්, දෙල්, පුවක් අලෙවි කරයි. තවත් විටක යකඩ බඩු එකතු කරයි. තවත් විටක ලොතරැයි අලෙවි කරයි.

දිනක් වෙළෙඳාම් කිරීම සඳහා කිසිවක් සොයා ගැනීමට නොහැකිව කල්පනා කරමින් සිටියදී තැඹිලි ගෙඩි කීපයක් සොයා ගත්තොත් පවතින ඉඩෝරයත් සමඟ හොඳ මිලකට දෙන්න පුළුවන් කියා ඉඳගෙන සිටි තැනින් නැගිට සුපුරුදු පරිදි නිල් පැහැති හිස් වැස්ම ද පැළැද නගරයට පැමිණීමට නිවෙසින් පිටත් විය.

ඒ එන අතරේ පාර දෙපැත්තේ තිබෙන තැඹිලි, පොල්, පුවක් ගස් දෙස බලමින් දෙවට පාරේ ගමන් කරද්දී පාර අයිනේ නිවෙසක මිදුලේ තැඹිලි ගසක තැඹිලි වල්ලක් දැක “නැන්දම්මේ තැඹිලි වල්ල දෙනවාද කියා විමසීය.

කාන්තාව නිවෙසින් එළියට පැමිණ කීය ගානේ ද දෙන්නේ, නැවතත් ජයරත්න වෙනද දෙන මුදල දෙන්නම් කියා හනික ගසට නැඟ තැඹිලි වල්ල බිමට බෑවේ ය.

කාන්තාව වහා අසලට ගොස් එහි ගෙඩි කීය දැයි ගණන් කරන්න විය. එහි ගෙඩි 40 කි.

මුවට මද සිනහාවක් පහළ විය. තැඹිලි වල්ල කරට ගත් ජයරත්න නැද්දම්මේ මේ ටික විකුණලා සල්ලි ගෙනත් දෙන්නම් මට පිහියකුත් දෙන්න යැයි කීය. කාන්තාව ගෙට ගොස් හොඳට කැපෙන පිහිය ද ගෙන ජයරත්න අත තැබී ය. ජයරත්න සිනහවක් පා පිටව යන්නට විය.

දින සති කීපයක් ගත විය. තැඹිලි ගෙඩි හතළිහේ මුදල් සහ පිහිය ලැබිලා නෑ. ජයරත්න ගැන පාරේ ගමන් කරන අයගෙන් විමසුවත් ඒ අය ද ජයරත්න නොදැක්කා යැයි පැවසීය.

ජයරත්නගේ සහෝදරයෙකු හමු විය. අනේ පුතේ අයියාට කියාපන් තැඹිලි වල සල්ලි එපා මගේ පිහිය ගෙනත් දෙන්න කියලා දුක් මුසු ලීලාවෙන් කියන්නට විය. එහෙත් පිහියත් නෑ. සල්ලිත් නෑ. ගස දෙස බලමින් හූල්ලන්නට විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා