විට්නි හූස්ටන්ගේ දියණිය ක්‍රිස්ටිනා රෝහල් ගත කැරේ

විට්නි හූස්ටන්ගේ දියණිය ක්‍රිස්ටිනා රෝහල් ගත කැරේ

මියගිය පොප්ගායිකා විට්නි හූස්ටන් ගේ දියණී බොබී ක්‍රිස්ටිනා පෙරේදා දැඩි මානසික පීඩනය හේතු කොටගෙන වහා රෝහල් ගත කළ බව පොලීසිය හා පවුලේ මිත්‍රයකු ප්‍රකාශ කර තිබේ .බෙවලී හිල්ස් හි සෙඩාර්ස් සිනායි ‍රෝහල වෙත මේ 18 හැවිරිදි තරුණිය ඇතුළත් කර ඇත.

විට්නි හූස්ටන් ඉකුත් සෙනසුරාදා ඇය නතර වී සිටි බෙවර්ලි හිල්ටන් හෝටල‍් කාමරයේ මිය ගොස් සිටි අතර බොබී ක්‍රිස්ටිනා , ගායක බොබි බ්‍රවුන් සමඝ විට්නි සමග ගතකළ 15 වසරක යුගදිවියෙන් ලත් දියණියයි .

මවගේ මරණයෙන් පසු ඇය මානසික පීඩනයට පත්ව සිටි බව පැවසී ඇත.

විටිනි හුස්ටන්ගේ හෝටල් කාමරයේ වෛද්‍යනිර්දේශය ලත් පෙති රාශියක් තිබුණු බවට වාර්තා ලැබී ඇත.

ඉන්සමහරක් කාංසිය මඟහරවා ගැනීමට භාවිතා කරන ඖෂධ  බව සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා