කොංගෝ ජනපතිගේ සමීපතමයෙක් ගුවන් යානා අනතුරින් මිය යයි

කොංගෝ ජනපතිගේ සමීපතමයෙක් ගුවන් යානා අනතුරින් මිය යයි

කොංගෝ ප්‍රජාතන්ත්‍රීය ජනර‍ජයේ ජනාධිපති ‍ජෝශප් කැබිලා ගේ සමීප ආධාර කරුවකු පරේදා ඇතිවූ ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති අතර එරට මුදල් ඇමතිවරයා එහිදී තුවාල ලබා ඇතැයි පැවසේ .

යානය බුකාවු ගුවන් තොටුපොලට කඩා වැටී ඇති අතර යානයේ කාර්ය මණ්ඩලයට අයත් අමෙරිකානුවන් දෙදෙනෙකු හා යානයට යටවූ දෙදෙනෙකුද මෙහිදී මියගොස් තිබේ .

මෙහිදී මියගොස් ඇති කබිලා ගේ ආධාර කරු ඔහුගේ සහපිරිවරට අයත් 48 හැවිරිදි ඔගස්ටින් කටුම්බා වන්කේ ලෙස හැඳින් වී ඇත.

මේ අතර මුදල් ඇමති ඔගස්ටින් මටාටා පොන්යෝ ගේ තත්ත්වය බෙහෙවින් බරපතල බව කියැවී ඇත. මෙහිදී තුවාල ලත් සුද්කිව් හි ආණ්ඩුකාර මර්සලින් තිසාම්බෝ ගේ දෙපයම බිඳී ඇතැයි සඳහන්ව තිබේ.

යානය ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඈතට විසීවී ඇත. මිය ගිය අමෙරිකානුවන් දෙදෙනා එහි නියමු හා සම නියමුවාය.

යානය යට තිබී ගොවීන් දෙදෙනෙකු ගේ මළ සිරුරු හමුවී ඇත. යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු 9 දෙනකු සිට ඇත.

කින්ෂාසා අගනගරයේ සිට පැමිණි යානය බුකාවු ගුවන්තොටුපොලට ගොඩබෑමට යාමේදී ධාවන පථය වැරදී ගොස් තිබේ.ධාවන පථයේ අඩක් ඇදී ගිය යානය ඉන්පසු ඉවතට විසීවී පසෙක ඇති අගලකට වැටී ඇත.යානයද හානි වි ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා