පොදූ රාජ්‍ය මණ්ඩලීය දූත පිරිසක්

මාලදවයිනේ ආණ්ඩු පෙරැළියේ සුල මුල සොයන්න

පොදූ රාජ්‍ය මණ්ඩලීය දූත පිරිසක්

මාලදිවයිනේ මාලේ අගනගරයේ වීදි අරා පෙරේදා ද ගැටුම් හටගෙන තිබුණු අතර හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ධුරයෙන් නෙරපීම පිළිබඳව විමර්ශනය කිරීමට අමාත්‍ය මට්ටමේ නියෝජිත පිරිසක් එවන බව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පෙරේදා පැවසී ති‍බිණ.

බරපතල දේශපාලන උල්ලංඝනයන පිළිබඳ විමසා බැලෙන සාමාජිකයන් 9 දෙනෙකුගෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍යමය ක්‍රියාකාරී කණ්ඩායම මෙසේ සිය නියෝජිත පිරිසක් මාලදිවයිනට ‍එවීමට උත්සුකව ඇත්තේ දුරකතන මාර්ගයෙන් පැවති හදිසි සාකච්ඡාවකින් පසුය.

මේ නියෝජිත පිරිස මාලදිවයින් බලපෙරළිය සම්බන්ධ හේතුසාධකයන් විමසා බලන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය නියාමයන් හා මූලධර්මයන් ට අනුගත වීමට දිරි දෙනු ඇතැයි එම ලේකම්කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබේ.

නිත්‍යානුකූල එක්ක් ලෙස තමාගේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිළිනොගන්නා බවද ඔහු කීවේය.

‍පෙරේදා සවස්යාමයේ නෂීඩ් පාක්ෂිකයන් සියගණනක් පාර්ලිමේන්තුව (මජ්ලිස්) වටකරමින් අද්දු දූපතේ දී අත්අඩංගුවට ගත් මංත්‍රීවරයකු නිදහස් කරන ලෙස ඉල්ලා සි‍ටි අතර ඔවුනට පොලීසිය සමඟ ගැටීමට සිදුවිය.

මේ අවස්ථාවට එක්ව සිටි පක්ෂයේ මංත්‍රීවරුන් 20 දෙනකු පමණ සිය සගයන් අත්අඩංගුවට ගැන්මට එරෙහිව බලධාරීන්ට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා