ඉන්දීය දූත පිරිසක් සාකච්ඡාවට යති

පාකිස්තානය සමඟ වෙ‍ළෙඳ සබඳතා නංවන්න

ඉන්දීය දූත පිරිසක් සාකච්ඡාවට යති

පාකිස්තානය සමඟ පවත්නා වෙළෙඳ බාධකයන් ඉවත්කිරීමට ඉන්දියාව කැපව සිටින බව ඉන්දීය වාණිජ ඇමති ආනන්ද් ෂර්මා පෙරේදා කියා සිටියේ පාකිස්තාන සංචාරය කද නිරතවීමට ධ සූදානම් වෙමිනි.

පාකිස්තානයේ පවත්වන තෙදින ඉන්දීය වෙළඳ දැක්මකට සහභාගිවීම සඳහා ඔහු ඊයේ ගොඩබිමේ වගා දේශසීමාව ඔස්සේ පාකිස්තානයට ඇතුළු වීමට නියමිතව තිබුණු අතර එහිදී සිය පාකිස්තාන සමගාමියා සමඟ සාකච්ඡා පවත්වන බවද ප්‍රකාශ වී තිබිණ.

නවදිල්ලියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කරනු පිණිස විශ්වාසය ගොඩනගාගැන්ම අත්‍යවශ්‍ය වන බවය .

වාර්ෂිකව දෙරට අතර සිදුවන‍ ඩොලර් බිලියන 2.7 ක නිල වෙළෙඳ ගනුදෙනු නීතිමය බාධකයන් හමුවේ මෙසේ සීමාවී ඇති බැවින් ඉදිරි වර්ෂ වලදී එය වර්ධනය කරගනු හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

ව්‍යාපාරිකයන් හා නිලධාරීන් ඇතුළු 120 ක ප්‍රබල නියෝජිත පිරිසකට නායකත්වය දෙමින් පාකිස්තානය බලා යන ෂර්මා තවදුරටත් ප්‍රකාශ කරන්නේ තෙවසරකදී ඉහත සඳහන් සංඛ්‍යාව දෙගුණයක් වනු ඇති බව හා ගොඩබිම් මාර්ග පහසුකම් ප්‍රවර්ධනය කිරීමෙන් එය තව තවත්වැඩිවනු ඇති බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා