ගඩොල් වාඩියක සිර කරගෙන සිටි ළමයි 24‍කට නිදහස

ගඩොල් වාඩියක සිර කරගෙන සිටි ළමයි 24‍කට නිදහස

ගඩොල් නිෂ්පාදිත වැඩ බිමක සේවයේ යොදවා ගෙන සිටි හය හැවිරිදි වියේ පසුවන දරුවන් ඇතුළු ළමයින් 24 දෙනකු මුදා ගැන්මට බංග්ලාදේශ පොලීසිය පෙරේදා සමත්ව ඇත .මේ අය සියලු දෙනාම පිරිමි ළමයින් වන අතර දිවා කල මුළුල්ලේ ඔවුන් ගෙන් වැඩ ගෙන රාත්‍රියේදී ඔවුනට විලංගුලා තිබෙන බව පොලීසිය පවසයි.

පැහැර ගෙන යනු ලැබූ ළමයි දෙදෙනෙකුගේ මාපියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව රටේ දකුණු පෙදෙසට අයත් මේ ස්ථානය පොලීසිය විසින් වටලන ලදී. කුඩා මඩු දෙකක රැ‍ඳවුනු ඔවුන්ට රාත්‍රියේ විලංගුලා ඇති බැවින් පලා යාමට නොහැකිවී ඇත. සියලුම ළමයි වයස අවුරුදු 6-15 අතර වූවෝ වෙති. රටේ ඉතා දිළිඳු පළාත්වලින් ඔවුන් පැහැර ගෙනැවිත් ඇත.

මේ ළමයින් පවසා ඇත්තේ ගඩොල් වැඩ බිම අයිතිකරුවන් ඔවුනට ‍තලා පෙලා වැඩගන්නා අතර කුස පිරෙන්නට ආහාරයක් වත් නොදෙන බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා