බෙංගාලි බස සුරකින්න

බෙංගාලි බස සුරකින්න

මහාධිකරණය නියෝග පනවයි

විශේෂයෙන්ම අලුතින් ආරම්භ කළ ගුවන් විදුලි හා රූපවාහිනී සේවාවන් රාශියක් මගින් බෙංගාලි භාෂාව අතරට බහුල වශයෙන් ඉංග්‍රීසි වචන යොදාගැන්ම හේතු කොට ගෙන බංග්ලාදේශ මහාධිකරණය බෙංගාලි බස සුරැකීම ඉලක්ක කර තහනම් ‍ නියෝගයක් නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරන එරට නියෝජ්‍ය නීතිපති අල්ටාෆ් හුසේන් පවසන්නේ,බෙංගාලි භාෂාවට පිටස්තර භාෂා වචන ඈඳා නොගන්නා ලෙස අදාල මාධ්‍ය කරුවන්ට නියෝගකර ඇති බවය . බෙංගාලි බස විකෘති නොකරන ලෙසත් බෙංගාලි බසේ වචන විකෘතිවන ආකාරයට උසුරුවීමෙන් වලකින ලෙසත් අධිකරණය ඔවුනට අවවාද කර තිබේ.

මෙය බෙංගාලි බසේ අධීනත්වය සුරැකීම අරමුණු කොටගත් නියෝගයක් බව හැඳින්වී ඇත. බෙංගාලි බසට වසර 1000 ක තරම් ඉතිහාසයක් ඇති අතර එය බංග්ලා දේශයේ පමණක්නොව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේද භාවිතා වෙයි. එය මිලියන 250 ක පමණ ජනතාවගේ මව් බස බව පැවසේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා