කොළොන්නාව නගරාධිපති පැහැර ගැනීමට තැත් කිරීම ගැන බලධාරීන් නිහඬයි

කොළොන්නාව නගරාධිපති පැහැර ගැනීමට තැත් කිරීම ගැන බලධාරීන් නිහඬයි

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක

කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැර ගැනීමට කළ උත්සාහය පිළිබඳ නගරාධිපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා ඇතත් බලධාරීන් එයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

පසුගිය දා (10) කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා පැහැර ගෙන යාමට සන්නද්ධ පිරිසක් කළ උත්සාහය අසාර්ථක වීමෙන් පසු නගරාධිපතිවරයා බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට මෙතෙක් ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක දී එජාප මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ උත්සාහය සම්බන්ධයෙන් ඍජුවම රජයට චෝදනා එල්ල කළ තිස්ස අත්තනායක මහතා සුදු වෑන් සංස්කෘතියේ යට ගිය තොරතුරු බොහෝමයක් මෙම පැහැර ගැනීමට කළ උත්සාහය හරහා මතුකරගත හැකි බව ද ප්‍රකාශ කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා