මුලතිව් කෝවිල්වලට මුදල් දෙන්න එපා

මුලතිව් කෝවිල්වලට මුදල් දෙන්න එපා

තිස්ස අත්තනායක සජිත්ට දන්වයි

මුලතිව් කෝවිල්වලට මුදල් ආධාර බෙදීමට යාම වහාම නවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ.

මුලතිව් ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට ආසන්නව තිබියදී එම පලාත්වලට ගොස් මුදල් ආධාර ලබාදීම මැතිවරණ නීතිවලට පටහැනි වෙයි.

එම නිසා පක්ෂයට හානි වන පරිදි එවැනි කටයුතු තම මතයට සිදු නොකරන ලෙසට පක්ෂ ලේකම්වරයා එසේ දැනුම් දී තිබේ. මුලතිව් ප්‍රාදේශීය සභා ඡන්දය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. සජිත් ප්‍රේමදාස මහතා ලබන 17 වැනිදා මුලතිව් ප්‍රදේශයේ ජනතාව හමුවී මුදල් ආධාර ලබාදීමට යොදාගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා