මැරතන් තරගයකදී කැලණිය සරසවියේ සිසුවෙක් මරුට

මැරතන් තරගයකදී කැලණිය සරසවියේ සිසුවෙක් මරුට

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (15) පැවැති මැරතන් තරගයට සහභාගි වූ ශිෂ්‍යයකු එහිදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කාරියවසම් පතිරන්නැහැලාගේ අකලංක (22) නමැති කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පහළ ඉඹුල්ගොඩ පදිංචිකරුවෙකි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයෙකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අංශය මගින් මේ මැරතන් තරගය සංවිධානය කර තිබිණි. රෝහලේදී මූලික ප්‍රතිකාරවලින් පසුව රෝග තත්ත්වය යහපත් අතට හැරී තිබුණත් නැවත අසාධ්‍ය වී තිබේ. රෝහලේ කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්ත ද සරසවි සිසුවා ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත.

මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා