පෙම්වතියගේ මවට පෙම්වතා පිහියෙන් ඇනලා

ආදරයට එරෙහි වූ

පෙම්වතියගේ මවට පෙම්වතා පිහියෙන් ඇනලා

ආදර සම්බන්ධතාවකට කැමැත්ත නොදුන්නැයි උරණ වූ පෙම්වතකු පෙම්වතිය ඉදිරියේදී ඇගේ මවට පිහියෙන් ඇන පිහියද ඉනේ ගසාගෙන බස් රථයෙන් පලා යමින් සිටියදී ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇති පෙම්වතියගේ මව වන ගම්පොළ කළු ගල්හින්න පදිංචි රානි දුනුතිලක නැමැති 45 හැවිරිදි කාන්තාව ගම්පොල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබේ. මෙම සිද්ධියේ සැකකාර පෙම්වතා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ පෙම්වතිය වන 19 හැවිරිදි තරුණිය මවට පිහියෙන් අනිනවා දැක බිය වී කෑ ගසමින් දුව ගොස් සැඟ වී ඇත.

සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් උපාලි ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගම්පොළ කොට්ඨාස සහකාර පොලිස් අධිකාරි චූලනි වීරරත්න පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර යන මහතුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. කාංගර, පො.සැ. රෝහිත , පො.සැ. දසනායක යන නිලධාරිහු පරීක්ෂණ පැවැත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා