අපේ අපේක්ෂාව සියලු දෙනාටම සුබ අනාගතයක් නිර්මාණය කරදීමයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 පෙබරවාරි 06 යාපනයේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

කෝටිටේ රජ මහා විහාරයේ

හික්ෂු ඝාතන දෙකක්....

අද රාත්‍රි 9.45ට පමණ කෝටිටේ රජමහා විහාරයේදි භික්ෂුන් දෙනමක් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. මෙම ඝාතන නිසා අපවත්වුයේ පිටිගල දිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරතන නමි හිමිවරුන් දෙනමකි.

මවුබිමට එරෙහි විදේශ බලවේග පැරැදවීමට

සර්ව ආගමික නායකයෝ සත්‍යක්‍රියා කරති

දශක තුනක ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් රට විදේශ බලවේගවලින් ආරක්ෂා කරනු පිණිස මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂය සහ මහ ජනතාව එක්ව කොළඹ නගර සභා පරිශ්‍රය අභියස දී ඊයේ (19) මහා අධිෂ්ඨාන පූජාවක නිරත වූහ. සාමයේ නිදහස භුක්ති විඳින ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, අභිමානයට, භෞමික අඛණ්ඩතාවට එරෙහි කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා සියලු ආගම් හා ජාතීන්ට අයත් ජනතාවගේ එකමුතුව ලොවට කියාපාන්නට මේ අධිෂ්ඨාන පූජාව සංවිධාන කෙරිණ. නිදහස සුරැකීමේ ජාතික ව්‍යාපාරය සංවිධාන කළ මේ මහා අධිෂ්ඨාන පූජාවට . . .

විස්තර »

පරිපූරක වෛද්‍ය වර්ජනයට අධිකරණයෙන් වාරණයක්

රජයේ රෝහලවල පරිපූරක වෛද්‍ය සේවා නියෝජිතයන් ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (19) නිකුත් කළේය. රජයේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති පහකට සහ එම වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සැදුම් ලත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩල නිලධාරීන් අට දෙනකුට මේ වාරණය නිකුත් කළේය. ‘වෘත්තීය ඉල්ලීම්’ ලේබලය අලවා ගනිමින් රටක අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් වන අයුරින් ක්‍රියා කිරීමට රජයේ සේවකයන්ට නීතිමය හෝ සදාචාර සම්පන්න අයිතියක් . . .

විස්තර »

ජිනීවා චෝදනා දිනවන්න

කොටි ජාත්‍යන්තර ජාලය කෝටි 500ක් වැය කරලා

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා ජයග්‍රහණය කිරීම සඳහා කොටි ජාත්‍යන්තර ජාලය රු.කෝටි 500කට වැඩි මුදලක් වැය කර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන සහ කොටි හිතවාදී සංවිධාන මගින් ජිනීවා සමුළුවට සහභාගි වී සිටින රටවලට බලපෑම් එල්ල කිරීම කොටි ජාත්‍යන්තර ජාලයේ අරමුණ වී ඇත. කොටි හිතවාදී ශ්‍රී ලාංකිකයන් පිරිසකට ද කොටි ජාලය විසින් මෙලෙස මුදල් ලබා දී ඇති අතර . . .

විස්තර »

විස්තර »

 දුම්රියෙන් වැටී මියගිය තරුණයාට

‘ළඟම ඥාතියකු ඉල්ලුවොත් රුපියල් ලක්‍ෂ 1 1/2ක් දෙනවා’

දුම්රියෙන් වැටී මියගිය තරුණයා වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අදාළ වන්දි මුදල ලබා ගැනීමට නම් මියගිය අයගේ ළගම ඥතියකු ඉල්ලීමක් කළ යුතු යැයි දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර මහතා පවසයි. දුම්රිය අනතුරකදී දුම්රියේ ගමන් කළ මගීන් හට සිදුවන අනතුරු සඳහා අනතුරේ ස්වභාවය අනුව වන්දි ගෙවීමේ ක්‍රමයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතී.

විස්තර »

සුනන්ද දේශපි‍්‍රය අත්අඩංගුවට

ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් සිටි සුනන්ද දේශප්‍රිය ස්වීඩන් පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව විසින් ගෙනා යෝජනාවට විරෝධය දක්වමින් මුළු යුරෝපයම ආවරණය වන පරිදි ශ්‍රී ලංකිකයන් දසදහසක් පමණ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට රැස්වෙමින් ඊයේ (19) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

විස්තර »

‘මාධ්‍ය අත්වැල’ අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී

ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මාධ්‍ය සිදු කරන මාධ්‍ය භාවිතයට එරෙහිව ශ්‍රී ලකාවේ මාධ්‍යවේදීන්ගේ විරෝධය සහ පිළිකුල ප්‍රකාශ කරන “මාධ්‍ය අත්වැල” අද (20) පස්වරු 4ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වේ.

රටට එරෙහි බලවේගවලට එරෙහිව මහා අධිෂ්ඨාන පූජාවක් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී ඊයේ (19) පැවැත්විණි. එහිදී සර්වාගමික නායකයන් අධිෂ්ඨාන පූජාවට එක්ව සිටි අයුරු. ඡායාරූප - වාසිත පටබැඳිගේ සහ රංජිත් අසංක

 
මානව හිමිකමේ‍ පෙර ගී තැටිය ගයා
ජනතා පැතුම් ඉටු­වන මාවතට නොයා
හරි දේ වසංකොට බොරු ලෝකයට කියා
තලගොයි මස් බෙදති කුදලා කබරගොයා
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast