ඉරානයට ඇමෙරිකාව යළි අනතුරු අඟවයි

ඉරානයට ඇමෙරිකාව යළි අනතුරු අඟවයි

තුර්කියේඉස්තාන්බුල් නගරයේ පැවැත්වීමට නියමිත ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ලෝක නායක හමුවේ දී තිරසාර ප්‍රතිඵල අත්කර ගත යුතු බවට ඇමෙරිකාව අවධාරණය කර තිබේ.

සාමය උ‍දෙසා ඉරානයට විවෘත කර ඇති කවුළුව සැමදා විවෘතව නොතිබෙනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සෙනසුරාදා අනතුරු අඟවා ඇත . වසර 2011 දී ඉස්තාන්බුල් නගරයේදි ඉරාන න්‍යෂ්ටික වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක විය.

ඉරානය ඉතාම කැපවීමෙන් යුතුව මෙම සාකච්ඡා වලට සහභාගිවන්නේ නම් මෙම ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ ඉඩකඩ තවමත් ඇතැයි ජනාධිපති ඔබාමා පවසා තිබේ . ඉහත රැස්වීම අතරවාරයේ දී හිලරි ක්ලින්ටන් තුර්කි අගමැති එර්ඩගොන් සමඟ සාකච්ඡාවකට සහභාගිවීමට නියමිතය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා