පාකිස්තාන මැති සබය පුපුරුවා හරින තැතක් වැරැදී ගිහින්

පාකිස්තාන මැති සබය පුපුරුවා හරින තැතක් වැරැදී ගිහින්

පාකිස්තාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ දී පාර්ලිමේන්තුව පුපුරුවා හැරීමේ අවස්ථාවක් ව්‍යර්ථ කිරීමට පොලීසියට හැකිවු බව එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා අනාවරණයකර තිබේ.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරියකු සහ තවත් පුද්ගලයකු සැක පිට අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි මාර්ත 17 දින පාර්ලිමේන්තු සැසි වාරය අමතන අතරවාරයේ දී මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබු බව ද වාර්තා වේ. ඉස්ලමාබාදයේ මෙම ප්‍රදේශය තුළ පාර්ලිමේන්තුව ජනාධිපති මන්දිරය තානාපති කාර්යාල රැසක් අයි එස් අයි බුද්ධි සේවය වැනි වැදගත් ස්ථාන කිහිපයක්ම ස්ථාන ගතව ඇත.

එම නිසා මෙම ප්‍රදේශයට බෝම්බ සහ මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක්ම එල්ල වී ඇත. පසුගිය වසරේ දීත් ප්‍රබල ප්‍රහාරයකට සැලසුම් කර තිබියදී ආයුධ රැසක් අල්ලා ගැනීටට පොලීසියට හැකිවිය. රජයේ හමුදා 2007 ජුලි මාසයේ දී ඉස්ලමාබාද් හි අන්තවාදී මුස්ලිම් පල්ලියක් විනාශකර දැමීමත් සමඟ අන්තවාදින්‍ අතින් ඝාතනයට ලක්වූ පිරිස 4900 කට අධිකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා