ජෙසී රයිඩර් වොරියර්ස් පිලට ජය ගෙනේ

ජෙසී රයිඩර් වොරියර්ස් පිලට ජය ගෙනේ

වේගවත් පිතිහරඹයක නිරතවූ ජෙසී රයිඩර් පන්දු 56කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 73ක් රැස් කරමින් අයි. පී. එල්. තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමග පැවැති තරගයේ දී කඩුලු 7ක ජයක් පූනේ වොරියර්ස් පිලට අත්කර දීමට සමත් විය.

ඔහුට අනගි සහයක් ලබාදුන් ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 44ක් රැස් කළ අතර දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 66ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගූහ.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 155ක් ලබාගත් අතර පූනේ වොරියර්ස් පිල ඕවර 19.2 කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය ලබා ගත්තේය.

චෙන්නායි පිල – 155/5 (ඕවර 20) රවීන්ද්‍ර ජඩේජා 44, ෆෆ් ඩු ප්ලෙසිස් 43, මහේන්දු සිං දෝනි 26, සුරේෂ් රයිනා 20 ( රාහුල් ෂර්මා 16/2)

පූනේ පිල – 156/3 (ඕවර 19.2) ජෙසී රයිඩර් නොදැවී 73, ස්ටීවන් ස්මිත් නොදැවී 44

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා