කුරුණෑගල අස්ලිය විදේශ රැකියා ආයතනය 2012 වසරේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලබයි

කුරුණෑගල අස්ලිය විදේශ රැකියා ආයතනය

2012 වසරේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් පිරිනමන 2012 වසරේ විශිෂ්ටතම සම්මානය කුරුණෑගල කොළඹ පාරේ අස්ලිය විදේශ රැකියා ආයතනය විසින් දිනා ඇත.එම සම්මානය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් පසුගිය දා අස්ලිය විදේශ රැකියා ආයතනයේ අධිපති ඩයස් රත්නායක මහතාට පිරිනැමීය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාලංකාධිකාරි මහතා සහභාගී විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා