අමෙරිකාව පාකිස්තානයට දෙන ආධාර අත්හිටුවීමේ සූදානමක්

අමෙරිකාව පාකිස්තානයට දෙන ආධාර අත්හිටුවීමේ සූදානමක්

ඔසාමා බින් ලාඩන් සොයා ගැනීම‍ට අමෙරිකාවට සහාය වු පාකිස්තාන ශල්‍ය වෛද්‍ය ෂකීල් අ‍ෆ්රිඩි ට පාකිස්තාන අධිකරණයකින් 33 වසරක‍ සිරදඬුවමක් හා පාකිස්තාන රුපියල් 320000 ක දඩයක් නියම වීමෙන් පසු ඊට එරෙහිව කෝපය පළ කරන අමෙරිකානු මන්ත්‍රීවරුන් පාකිස්තානයට සැපයෙන ඩොලර් මිලියන ගණනක ආධාර අත්හිටුවීමට තර්ජනය කර තිබේ.

බින්ලාඩන් සොයාගැන්මට අමෙරිකාවට සහාය වීමෙන් රාජද්‍රෝහී වී යැයි ඔහුට පනවන ලද දඬුවම අසාධාරණ වූවක් බව පවසමින් එය හෙළා දකින අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්,ඔහු වරදකරු කිරීමත් දීඇති දඬුවමේ බරපතළකමත් පිළිබඳව කනගාටුවන බව කියා ඇත.

බින්ලාඩන් ඝාතන සිද්ධියෙන් පසු ඇතිවු අමෙරිකා - පාකිස්තාන විරසකය පසුව අමෙරිකානු ප්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමේ සිද්ධියෙන් තවත් උත්සන්න වු අතර එය පාකිස්තානයේ ඇෆ්ගන් සැපයුම් මාර්ගය වසා දමමින් පාකිස්තාන විරෝධය පළ කිරීම දක්වා දික්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා