ස්වදේශ ඇමැති චිදම්බරම්ට එල්ල වූ චෝදනාවකින් ඉන්දීය රජය බලවත් අසීරුතාවක

ස්වදේශ ඇමැති චිදම්බරම්ට එල්ල වූ චෝදනාවකින්
ඉන්දීය රජය බලවත් අසීරුතාවක

ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම්ට 2009 මහ මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත සිවිල් නඩු විභාගයකට මුහුණ දීමට සිදුව ඇතැයි පැවසී තිබේ. මෙය පෙරේදා ප්‍රකාශයට පත් අධිකරණ තීන්දුවක් නිසා මතුව ඇති තත්ත්වයකි.

ඒ අනුව මහ මැතිවරණයේ දී චිදම්බරම්ට පරාජය වූ දේශපාලනඥයා විසින් ඔහුට එරෙහිව ගොනු කෙරුණු චෝදනා ප්‍රතික්ෂේප කළ නොහැකි බව තමිල්නාඩුවේ මදුරෙයි නගර අධිකරණය ප්‍රකාශ කර තිබෙන අතර එය ඉන්දීය රජයට එරෙහිව එල්ලවන මරු පහරක් ලෙස හැඳින් වී ඇත.

ඉන්දියාවේ වඩාත් කැපීපෙනෙන අමාත්‍යවරයකු ලෙස සැලකෙන ස්වදේශ කටයුතු ඇමතිවරයා මැතිවරණයේ දී ඡන්ද වංචා කළ බවට මෙන්ම දූෂණ ක්‍රියාවන්හි යෙදුනු බවට චෝදනා නැගී තිබිණ. අධිකරණය හමුවේ ගොනු කෙරුණු මේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලිකරු ඉදිරිපත් කළ කරුණු පිළිගැන්ම නිසා දැන් ඇමැතිවරයාට නඩු විභාගයට පෙනී සිටීමට සිදුව ඇත.

එහෙත් අධිකරණයේ මේ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ඇමැතිවරයා කියා තිබේ. මේ අතර ඇමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයැයි විපක්ෂයෙන් හඬ නැගී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා