තරුණයකු කපා කොටා මරා දැමූ සැකකරු සීදුවේදී අත්අඩංගුවට

තරුණයකු කපා කොටා මරා දැමූ සැකකරු සීදුවේදී අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

සීදුව දිඹදුරයේදී තරුණයකු කපා කොටා මරා දැමූ සැකකරු සීදුව පොලිසියේ නිලධාරින් පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මෙසේ කපා කොටා මරා දමා ඇත්තේ දඹදුරයේ ගීකියනගේ සංගීත් සමන් පුෂ්ප කුමාර නැමැති (29) පුද්ගලයෙකි.

සීදුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු සැකකරුව සීදුව රාජපක්ෂ පුරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා