ඊජිප්තු හිටපු ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලයි

ඊජිප්තු හිටපු ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලයි

ඊජිප්තු විප්ලව සමයේදී රාජ්‍ය විරෝධීන් ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගත කළ එරට හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහී ඇතැයි නිල ප්‍රවෘත්ති ඒජන්සිය පෙරේදා වාර්තා කර ඇත.

පසුගිය සෙනසුරාදා ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව දකුණු කයිරෝ හි ටුරා සිරකඳවුරට යවන ලද දින සිට ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙන බව එරට බලධාරීහු පවසති.

මෙම නඩු තීන්දුවෙන් අනතුරුව මුබාරක්ට මරණීය දඬුවම ලබා දිය යුතු බවට බලකරමින් විරුද්ධවාදී හු රට පුරා ප්‍රබල උද්ඝෝෂණ පැවැත්වූහ. ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් සමග පවා කථා කිරීම මුබාරක් ප්‍රතික්ෂේප කිරීම බලවත් ගැටලුවක් වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මුබාරක්ට යම් අස්වැසිල්ලක් ලබා දීමට එම සිරගෙයටම මාරුකර ඇති ඔහුගේ පුත් ගමල් සමඟ පමණක් මුබාරක් වචන කිහිපයක් හුවමාරු කරගෙන ඇත. මුබාරක් හමුදා රෝහලකට මාරු කරන ලෙස ඔහුගේ ඥාතීන් විසින් ඉල්ලීමක් කර තිබේ. ඒ සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් තීරණයක් ගෙන නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා