රාජකීය-ඉසිපතන තරගය අද

රාජකීය-ඉසිපතන තරගය අද

සිංගර් අන්තර් පාසල් අවුරුදු 20න් පහළ රගර් ලීග් තරගාවලියේ පළමු කොටසේ ශූරයන් තීරණය කෙරෙන තීරණාත්මක අවසන් තරග වටය ආරම්භ කරමින් රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අද (22) සී.ආර්.පි‍ටියේ දී තරග වදිති.

පසුගිය වටයේ දී ත්‍රිත්ව විදුහල වෙතින් අනපේක්ෂිත පරාජයක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය‍ දක්වා පසුබැසීමට සිදුවූ පසුගිය වසරේ ශූරයන් වන රාජකීයයන්ට මේ තරගය අතිශයින්ම වැදගත්ය. අනෙක් අත‍ට පසුගිය තරග වටයේ දී ප්‍රබල සාන්ත පීතර පිල පරදවා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන ගත් ඉසිපතනය වෙතින් අද රාජකීයයන්ට දැඩි අභියෝගයක් එල්ල වනු නිසැකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා