බුදු දහමින් පෝෂණය වූ ශ්‍රී ලාංකිකයාට යුක්තිය සාධාරණය ආගන්තුක නොවේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ
03. 06. 2012 තායිලන්තයේදී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මෙරට භූමිය අවට සාගරය ලෝක බලවතුන්ට අනිසි භාවිතයට ඉඩ දෙන්නෑ

 (2012-06-22 12:35) ලෝකයේ මහ බලවතුන්ට අන්‍යෝන්‍ය ප්‍රතිවාදී ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා භූමිය හෝ ඒ අවට සාගරය යොදා ගැනීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ කේරළයේ පැවැති සමුළුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විස්තර»

වසා දමා තිබු ඉගිණියාගල වී ගබඩා සැකසිමේ කටයුතු හමුදාව භාරයට

(2012-06-22 12:25) දශක ගණනාවක් තිස්සේ වසා දමා දිරාපත් වෙමින් තිබු අම්පාර ඉගිණියාගල සයිලෝ වී ගබඩා සංකිර්ණය සහල් සැකසිම සදහා ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත.සහල් සැකසිම ගබඩා කිරිම සඳහා මෙම ගබඩා සංකිර්ණය ඉදිකර තිබුණද මෙතෙක් කලක් එහි නිසි පරිදි එම කටයුතු සිදු කර නැති බවත් වී ගබඩාවක් ලෙස පමණක් මෙතෙක් කලක් වී අලෙවි මණ්ඩලය මගින් භවිතා කල බවත් වී අලෙවි මණ්ඩලය පවසා සිටි.

විස්තර»

ඩෙංගු රකුසාට බර අවි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යාංශය ඩෙංගු මඬින සටනට බසී

සියලුම රාජ්‍ය ආයතන පරීක්ෂාවට

මදුරු ආකර හමුවුණොත් තරාතිරම නොබලා දඬුවම්

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම යටතේ ජාතික ඩෙංගු මර්දන කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙන් සියලුම රජයේ ආයතනවල මදුරු මර්දනය සඳහා දැවැන්ත මෙහෙයුමක් අද (22) සිට ක්‍රියාත්මක කැරේ. රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, කොමිෂන් සභා ඇතුළු සියලු රාජ්‍ය ආයතන මේ යටතේ විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ.

විස්තර»

තිරසාර සංවර්ධනයේ සුබවාදී ප්‍රතිඵල ශ්‍රී ලංකාව අද අත්කරගෙන තිබෙනවා

මිහිකත සමුළුව අමතමින් ජනපති කියයි

මීට වසර දෙසීයකට පෙර සිට තිරසාර සංවර්ධනය පිළිබද සංකල්පය ක්‍රියාවට නැංවූ ශ්‍රී ලංකාව ඒ තුලින් කැපී පෙනෙන ප්‍රතිඵල අත් කරගෙන තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

විස්තර»

මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර

අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 13,000) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ බැදුම්කර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහ සුදුසු කල් පිරීමේ කාලයක් සහිතව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විස්තර»

කනක් ඇතුළත දූවිලි මයිටාවන් වර්ධනයවීම පළමු වරට හඳුනා ගැනේ

පුද්ගලයකුගේ කණක් ඇතුළේ දූවිලි මයිටාවන් වර්ධනයවීමේ අවස්ථාවක් ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි. Dermatophagoids Pteronyssimus- House dust mite නමැති මේ මයිටාවා දූවිලි සහිත පරිසරයේ නිතර දැකගත හැකි වුවත් උන් පුද්ගලයකුගේ කණක් ඇතුළේ ජීවත්වන ආකාරය සොයාගත් පළමු අවස්ථාව මෙය බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

විස්තර»

සරණාගතයන් 200ක් රැගත් යාත්‍රාවක් පෙරළී 75 දෙනකු මරුට

සරණාගතයන් 200 රැගත් යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත ආසන්න මුහුදේදී ඊයේ (21) අනතුරට ලක්ව තිබේ. නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් මෙම යාත්‍රාව ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබියදී පෙරළී යාමෙන් අනතුර සිදුව තිබෙන අතර එම අනතුරින් පුගලයන් 75 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

විස්තර»

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කෝටි ගණනක වංචාවක්

රහස් පොලිසියට පැමිණිලි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවක් සම්බන්ධව විදේශ රටක සිට පැමිණිල්ලක් රහස් පොලිසියට ලැබී තිබේ. එම මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රබලයන් සිවුදෙනෙක් මුල්‍ය වංචාවට සම්බන්ධව බවට නම් කර ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට විවිධ අංශවලින් ලැබුණු රුපියල් කෝටි ගණනක මුදලක් එම ව්‍යාපාරයේ කිහිප දෙනෙක් පමණක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බව මේ පැමිණිල්ලේ සඳහන්ය.

විස්තර»

බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ දී පෙරේදා (20) ආරම්භ වූ ලෝක පරිසර සමුළුව හෙවත් මිහිකත සමුළුව අමතන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

ඡායාරූපය - සුදත් සිල්වා

 

කාක්කෝ අවුස්සති කැළි කසළ දස අතේ
විපක්සෙත් ඒ වගෙයි හැසිරෙන්නෙ නොනගතේ
රකිනමුත් සාමයයි නීතියයි පිළිවෙතේ
ඇඟිලි දික් කරන්නේ රජයටයි හිතුමතේ

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast